Home Science News 2025 නොබෙල් ත්‍යාගය – කායික හෝ වෛද්‍ය විද්‍යා

2025 නොබෙල් ත්‍යාගය – කායික හෝ වෛද්‍ය විද්‍යා

by Sathya

ශරීරයට ඇතුළු වීමට උත්සාහ කරන දහස් ගණන් ක්ෂුද්‍ර ජීවීන්ගෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය අපව ආරක්ෂා කරන්නේ කෙසේ ද යන්න සොයා ගැනීම වෙනුවෙන් විද්‍යාඥයින් තිදෙනෙකුට 2025 කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය පිරිනමා තිබෙනවා.

මේරි ඊ. බ්‍රන්කෝ (Mary E. Brunkow), ෆ්‍රෙඩ් රැම්ස්ඩෙල් (Fred Ramsdell), සහ ෂිමොන් සකාගුචි (Shimon Sakaguchi) හට “පර්යන්ත ප්‍රතිශක්තිකරණ ඉවසීම (peripheral immune tolerance) සම්බන්ධ ඔවුන්ගේ මූලික සොයාගැනීම් වෙනුවෙන්” මෙම ත්‍යාගය හිමි වන බව නොබෙල් කමිටුව අද ස්ටොක්හෝම්හි පැවති නොබෙල් ත්‍යාග නිවේදන උත්සවයේ දී නිවේදනය කළා.

මෙම සම්මානලාභීන් විසින් නියාමක ටී සෛල (regulatory T cells) හඳුනා ගත් අතර, ඒවා ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ආරක්ෂක භටයන් මෙන් ක්‍රියා කරමින් ප්‍රතිශක්තිකරණ සෛල අපගේ ම ශරීරයට පහර දීම වළක්වන බව ද හඳුනාගැනීමට සමත් වුණා.

නොබෙල් කමිටුවේ සභාපති ඔලේ කෑම්පේ (Olle Kämpe) මහතා සඳහන් කරන්නේ, ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්‍රියා කරන ආකාරය සහ අප සැමට එක ලෙස බරපතළ ස්වයං ප්‍රතිශක්තිකරණ රෝග වර්ධනය නො වන්නේ මන්ද යන්න පිළිබඳ අප සතු අවබෝධයේ නිම් වළලු පුළුල් කිරීම සඳහා ඔවුන්ගේ සොයාගැනීම් තීරණාත්මක ලෙස බලපා ඇති බවයි.

ඒ අනුව ත්‍යාගයට හිමි ස්වීඩන් ක්‍රොනර් මිලියන 11ක මුදල ඔවුන් තිදෙනා අතර සමසේ බෙදී යනු ඇති.

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications