2025 වසරේ රසායන විද්‍යාව සඳහා හිමි නොබෙල් ත්‍යාගය ජපාන, බ්‍රිතාන්‍ය සහ ජෝර්දාන ජාතික විද්‍යාඥයන් තිදෙනෙකු වෙත හිමි වී තිබෙනවා.
සුසුමු කිටගාවා (Susumu Kitagawa), රිචඩ් රොබ්සන් (Richard Robson) සහ ඕමාර් යාගී (Omar Yaghi) යන විද්‍යාඥයන් හට මෙම ත්‍යාගය හිමි වී ඇත්තේ, ‘metal-organic frameworks’ හෙවත් ලෝහ-කාබනික මූලික ව්‍යුහ යනුවෙන් හැඳින්වෙන බහු අවයවික පන්තිය සංවර්ධනය කිරීම වෙනුවෙනුයි. නොබෙල් කමිටුව විසින් මෙම නිවේදනය සිදු කරනු ලැබුවේ අද දින (08) ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර පැවති නොබෙල් ත්‍යාග නිවේදන උත්සවයේ දී යි.
නොබෙල් රසායන විද්‍යා කමිටුවේ සභාපති හයිනර් ලින්කේ පවසන පවසන්නේ මේ සොයාගැනීම ඔස්සේ මින් පෙර අවධානය පවා යොමු නොවූ අලුත් ම ආකාරයේ කෘත්‍යයන් සිදු කළ හැකි ද්‍රව්‍ය නිපදවා ගැනීමේ හැකියාව ලැබී තිබෙනවා.
“මෙම සොයාගැනීම, ලෝහ-කාබනික මූලික ව්‍යුහයන් (MOFs), කාන්තාර වාතයෙන් ජලය නිස්සාරණයට, කාබන් ඩයොක්සයිඩ් උගුල්ගත කර ගැනීමට, විෂ වායු ගබඩා කිරීමට හෝ රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කිරීමට භාවිතා කළ හැකියි.” නොබෙල් කමිටුව වැඩිදුරටත් සඳහන් කරනවා.
ත්‍යාගයට හිමි ස්වීඩන ක්‍රොනර් මිලියන 11ක මුදල අදාළ විද්‍යාඥයන් තිදෙන අතර සම සේ බෙදී යාමට නියමිතයි.