හිරු මෙන් ට්‍රිලියන දසගුණයක දීප්තියකින් දැල්වුණු දැවැන්ත ම කළු කුහර ලෙළසිළුව

සුපිරි දැවැන්ත කළු කුහරයක් මඟින් නිකුත් වූ විශාලතම සහ දුරස්ථම ලෙළසිළුව (flare) නිරීක්ෂණය කිරීමට තාරකා විද්‍යාඥයන් සමත් ව සිටිනවා.

‘සුපර්මෑන්’ යන අන්වර්ථ නාමයෙන් නම්කර ඇති මේ ලෙළසිළුවේ සම්භව ලක්ෂ්‍යය පෘථිවියේ සිට ආලෝක වර්ෂ බිලියන 10ක් තරම් අතිශය දුරකින් පවතින අතර, උච්චතම අවස්ථාවේ දී හිරු මෙන් දස ට්‍රිලියන ගුණයක දීප්තියකින් යුතු ව දැල්වී තිබෙනවා.

එය නිකුත් වී ඇත්තේ චක්‍රාවාටයක් මධ්‍යයේ ඇති දැවැන්ත කළු කුහරයක් මඟින් බලගැන්වෙන, දීප්තිමත් සංයුක්ත කලාපයක් වන ක්‍රියාකාරී මන්දාකිනික න්‍යෂ්ටියකිනුයි (active galactic nucleus – AGN).

‘සුපර්මෑන්’ ප්‍රථම වරට නිරීක්ෂණය කර ඇත්තේ 2018 නොවැම්බර් මාසයේ දී දකුණු කැලිෆෝනියාවේ පලෝමාර් නිරීක්ෂණාගාරයේ ඇති Catalina Real-Time Transient Survey සහ Zwicky Transient Facility මඟින් සිදු කරන ලද පිරික්සීම්වලින්. පුළුල් ක්ෂේත්‍ර කැමරාවක් සහිත ව රාත්‍රී අහස පරිලෝකනය කරන Zwicky Transient Facility, ඉක්මනින් දැල්වෙන සුපර්නෝවා වැනි අස්ථිර හෝ ක්ෂණික ව ඇතිවන විශ්වීය සංසිද්ධි ග්‍රහණය කර ගැනීම සඳහා කිර්තියක් උසුලනවා.

නිම්නා අමරසේකර

Related posts

ඇමරිකාවේ ශ්‍රී ලාංකික පර්යේෂකයන් දෙදෙනෙක් ප්ලාස්ටික්වලින් බිස්කට් තනති

එල් නිනෝ නිසා ඉදිරි මාස හය තුළ ගෝලීය මරණ 450,000ක්

බ්‍රිතාන්‍යයෙන් ස්වභාව සංරක්ෂණයට ජාන සංස්කරණය කළ සමනලුන්