ඉන්දියානු සාගරයේ භූ කම්පනයක්

ඉන්දියානු සාගරයේ උතුරු සුමාත්‍රා මුහුදු කලාපයේ මැග්නිටියුඩ් 6.6ක ප්‍රබලත්වයකින් යුතු භූ කම්පනයක් වාර්තා වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙනවා. සුදු වර්ණිත නිවේදනයක් වන මින් පෙන්වා දෙන පරිදි මෙය අද දින ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 10.26ට හටගෙන තිබෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනයේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල හා ඒ ආශ්‍රිත ව වෙසෙන ජනතාව මේ සම්බන්ධයෙන් නිකුත් කෙරෙන ඉදිරි නිවේදන පිළිබඳ අවධානයෙන් සිටින ලෙසයි. නවතම තොරතුරු සියලු මාධ්‍ය මඟින් නිවේදනය කරන බව එහි දැක්වෙනවා.

ප්‍රබලත්වය – 6.6
ගැඹුර – 25km
දිනය – 27/11/2025
හටගත් වේලාව – 10.26 AM
අක්ෂාංශ – 2.68 N
දේශාංශ – 96.07 E
පිහිටීම – Nothern Sumatra, Indonesia

Related posts

අභ්‍යවකාශයේ දී ලබාගත් ප්‍රථම වෛද්‍ය විද්‍යාත්මක එක්ස්-කිරණ ඡායාරූප

ඔස්ට්‍රේලියානු වෙරළට ගොඩගැසූ අද්භූත ලෝහමය ගෝල රොකට් සුන්බුන් බවට සැක කෙරේ

එක්සත් ජනපද අභ්‍යවකාශ බලකාය සතු චන්ද්‍රිකා අක්‍රිය කළ හැකි නවතම විද්‍යුත් චුම්භක අවිය