සුනාමි අවදානමක් නැහැ

ඉන්දියානු සාගරයේ උතුරු සුමාත්‍රා මුහුදු කලාපයේ මැග්නිටියුඩ් 6.6ක ප්‍රබලත්වයකින් යුතු භූ කම්පනයක් වාර්තා වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙනවා. සුදු වර්ණිත නිවේදනයක් වන මින් පෙන්වා දෙන පරිදි, මෙය අද දින ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 10.26ට හටගෙන තිබෙනවා.

ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලද නවතම නිවේදනයෙන් දැක්වෙන්නේ මෙයින් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් ඇති නොවන බවයි.

ඒ අනුව එහි දැක්වෙන්නේ මුහුදුබඩ ප්‍රදේශවල සාමාන්‍ය ජනජීවිතය ආරක්ෂා සහිත බවයි.

ප්‍රබලත්වය – 6.6
ගැඹුර – 25km
දිනය – 27/11/2025
හටගත් වේලාව – 10.26 AM
අක්ෂාංශ – 2.68 N
දේශාංශ – 96.07 E
පිහිටීම – Nothern Sumatra, Indonesia

Related posts

ක්ෂීරපථයේ වේගවත්ම තාරකාව සොයා ගැනේ

ක්ෂීරපායීන්ගේ දරු උපත් ඉතිහාසය වසර මිලියන 90කින් වෙනස් කළ පොසිල සාධකය

ජනප්‍රිය ගීත ඇල්බම නිකුත් වන දිනවල දී මාරක රිය අනතුරු ඉහළ යන බව හෙළිවෙයි