Science News විශ්ව ප්‍රසාරණය මන්දගාමී වී ඇති බව අධ්‍යයනයක් පෙන්වා දෙයි SathyaNovember 26, 2025094 views Big Bang and expanding universe. Illustration showing the universe expanding over time (bottom left to top right). Matter formed after the Big Bang (bottom left), the initial expansion of the universe from an infinitely compact state 13.8 billion years ago. Around 100 million years after the Big Bang, the first stars and galaxies formed. On the largest scale, the galaxies are observed to be moving away from each other. This is due to the expansion of the universe. විශ්ව න්‍යාය විද්‍යාවේ ප්‍රධාන මතවාදයක් අභියෝගයට ලක් කෙරෙන නව අධ්‍යයනයකින් යෝජනා කෙරෙන්නේ, අපගේ විශ්වයේ ප්‍රසාරණය එතරම් වේගයකින් සිදු වන්නක් නොවන බවයි. ඇතැම්විට එය හැකිලීමට ආසන්නව ඇති බවට ද එම අධ්‍යයනයෙන් ඉඟි පළ වී තිබෙනවා. පසුගිය වසර 25 පුරාවට ම විද්‍යාඥයින් විශ්වාස කළේ “අඳුරු ශක්තිය” නම් අද්භූත බලවේගය මෙම විශ්වය ප්‍රසාරණයට අවැසි මහත් ත්වරණයට හේතු වන බවයි. නමුත් මන්දාකිනි 300ක් විශ්ලේෂණය කරමින් සිදු කළ මෙකී අධ්‍යයනයෙන් පෙනී ගොස් ඇත්තේ, එම නිගමනයට එළඹීමට භාවිත කළ දත්ත අප වරදවා වටහාගෙන තිබීමට ඉඩ ඇති බවයි. විශ්වීය දුර මැනීම සඳහා ‘සම්මත පහන්’ ලෙස දිගු කලක් තිස්සේ Ia වර්ගයේ සුපර්නෝවා (Type Ia supernovae) යොදාගත් අතර, වශයෙන් ම ඒවාට උපත දුක් තාරකාවල වයස අනුව දීප්තියෙන් වෙනස් වන බව සොයාගෙන තිබෙනවා. මෙම දෝෂය නිවැරදි කළ විට, වේගයෙන් ප්‍රසාරණය වන විශ්වයක් පිළිබඳ සාක්ෂි සැලකිය යුතු ලෙස දුර්වල වන බවයි අධ්‍යයනය පෙන්වා දී ඇත්තේ. අඳුරු ශක්තිය නියතයක් නොවන බවත්, එය කාලයත් සමඟ වෙනස් වන බවට හෝ දුර්වල වන බවට මින් පෙර DESI (Dark Energy Spectroscopic Instrument) දත්ත මඟින් ලද ඉඟි මෙම නව අධ්‍යයනයෙන් තවදුරටත් තහවුරු කරනවා. මෙය සත්‍යයක් නම්, එහි අදහස විශ්වයේ ප්‍රසාරණය මේ වන විටත් මන්දගාමී වීම ආරම්භ වී ඇති බව විය හැකියි. එය දශක ගණනාවක් තිස්සේ පැවති විද්‍යාත්මක එකඟතාවයට අභියෝග කරන අතර, අනාගතයේ දී විශ්වීය ප්‍රසාරණය ආපසු හැරී “මහා හැකිලීමක්” (Big Crunch) සිදුවීමේ හැකියාව ඉස්මතු කරයි. මෙම සොයාගැනීම් විවාදාත්මක වුව ද, ඉදිරියේ දී වේරා රූබින් නිරීක්ෂණාගාරයෙන් ලැබෙන දත්ත මඟින් මේ පිළිබඳ ස්ථිර නිගමනයකට එළඹිය හැකි වනු ඇති බව පර්යේෂකයන් විශ්වාස කරනවා. කෙසේ වෙතත්, මෙම අධ්‍යයනය විශ්වයේ අවසාන ඉරණම පිළිබඳ මූලික ප්‍රශ්නය නැවතත් විවර කර දී තිබෙනවා. සෞන්දර්ය සෙනරත්