Science News වසර 430,000ක් පැරැණි දැවමය මෙවලම් දෙකක් ග්‍රීසියෙන් සොයාගැනේ SathyaFebruary 2, 2026041 views ග්‍රීසියේ විල් ඉවුරක තිබී හමු වූ දැවයෙන් තනන ලද මෙවලම් දෙකක් වසර 430,000 පැරැණි බව සොයාගෙන තිබෙනවා. එය මෙතෙක් වාර්තාගත පැරැණිතම දැවමය මෙවලමයි. ඉන් එකක් අඩි දෙකහමාරක් පමණ වන ලී දණ්ඩක් වන අතර, පස් හෑරීම සඳහා යොදාගන්නට ඇති බව අනුමාන කෙරෙනවා. අනෙක සාපේක්ෂ ව ප්‍රමාණයෙන් කුඩා විලෝ හෝ පොප්ලර් දැවයෙන් තනා ඇති අතර පාෂාණමය මෙවලම් තැනීමේ දී ඒවා හැඩගැන්වීම සඳහා යොදාගන්නට ඇති බව විශ්වාස කෙරෙනවා. මේ සොයාගැනීම පිළිබඳ විස්තර පසුගිය දා Proceeding of the National Academy of Sciences ජර්නලයේ පළ වුණා. අතීත මානවයා ගලින්, අටකටුවලින් සහ දැවවලින් බොහෝ මෙවලම් තනා ඇති බව සොයාගෙන තිබුණත්, මේ අතරින් දැවමය මෙවලම් පිළිබඳ සාධක සොයාගැනීම අපහසු වී තිබුණා. දැව වඩා ඉක්මනින් දිරාපත් ව ගොස් තිබීම ඊට හේතුවයි. එවැනි මෙවලම් සුරැකී පවතින්නේ අයිස්, ගල්ගුහා සහ භූගත වැනි වූ පරිසරවල පමණයි. ග්‍රීසියේ මෙගාලොපොලිස් ද්‍රෝණියෙන් සොයාගැනුණු මේ මෙවලම් අත්හැර දැමීමෙන් ඉතා කෙටි කාලයක් තුළ පස් සහ රොන්මඩවලට යට වීමෙන් ආරක්ෂා වන්නට ඇති බවට සැක කෙරෙනවා. සෞන්දර්ය සෙනරත්