ප.නි.නි. සමානාත්මතාව වර්ධනයට පුස්තකාලවලින් වන මෙහෙය cmadurawalaAugust 24, 202207 views යටත් විජිත ලෙස පැවැති නිදහස ලද රටවල ජනතාව, විශේෂයෙන් ම ස්වදේශික ප්‍රජාව (indigenous) මුහුණ දෙන ප්‍රබලතම ගැටලුවක් වන්නේ සමාන අයිතිවාසිකම්වලට හිමිකම් කීමට නො හැකි වීමයි. එවැනි ඇතැම් ස්වදේශිකයන්ට අහිමි වන එවැනි එක් අයිතිවාසිකමක් වන්නේ තොරතුරුවලට (හෝ දඬුවම) ප්‍රවිෂ්ඨ වීමේ අයිතියයි. මේ පරතරය බිඳ දමා සංහිදියාව හා සමානාත්මතාව වර්ධනයට මහජන පුස්තකාල සතු හැකියාව ප්‍රබල බව කැනඩාවේ Alberta විශ්වවිද්‍යාලයයේ අධ්‍යයනයක් පෙන්වා දෙයි. Dinesh Rathi විසින් කරන ලද මේ අධ්‍යයනයේ දී Rathi ඇතුළු පිරිස සිදු කර ඇත්තේ කණ්ඩායමේ බහුලව ස්වදේශික ජනවර්ග බහුලව සිටින ප්‍රදේශ තෝරාගෙන එයින් මහජන පුස්තකාල 9ක් තෝරා ගැනීමයි. එම පුස්තකාලවල වෙබ් අඩවි හරහා දත්ත එක්රැස් කරන ලදි. Rathi අධ්‍යයනය ලබාදෙන නිගමනය වන්නේ සංහිදියාව හා සමානාත්මය වර්ධනයෙහි ලා මහජන පුස්තකාලවල ක්‍රියාකාරිත්වය ඉතා වැදගත් බවයි. එම පුස්තකාලවල පුස්තකාලාධිපතිවරුන්ට ප්‍රශ්නාවලියක් යවන ලද අතර එහි කේන්ද්‍රිය ප්‍රශ්නයක් වූයේ සමානාත්මතාව වර්ධනයට ඔවුන්ගේ පුස්තකාල දායක වනවා ද යන්නයි. පුස්තකාලාධිපතිවරුන් එම ප්‍රශ්නාවලි තම පාඨකයන්ට ලබා දී පිළිතුරු ලබාගෙන තිබුණා. මනෝජ් රත්නායක