Entertainment ප.නි.නි. පරණ මිතුරන් මිතුරන්ට වඩා යූටියුබ් තරු ලොකු වීම KithsiriJune 20, 20240194 views අපේ මිතුරන් සමඟ සමඟ කතා කරනවාට වඩා යූටියුබ් තරු සමඟ ඒකපාර්ශ්වික සබඳතා පැවැත්වීම චිත්තවේගීය වශයෙන් අපව තෘප්තිමත් කරන බව නව අධ්‍යයනයක් යෝජනා කරනවා. Essex විශ්වවිද්‍යාලය සිදු කළ මේ අධ්‍යයනයෙන් පැහැදිලි වූයේ PewDiePie, KSI සහ Zoella වැනි ඔන්ලයින් තරු නැරඹීම තම අසල්වාසීන් හෝ මිතුරන් සමඟ කාලය ගත කරනවාට වඩා සතුටක් ගෙන දෙන බවයි. අධ්‍යයනයේ ප්‍රධාන කර්තෘ මනෝවිද්‍යාඥ වෛද්‍ය Veronica Lamarche පෙන්වා දෙන්නේ, ප්‍රතිචාර දැක්වීමට නො හැකි වුවත් අන්තර්ජාලය හරහා ජනප්‍රිය පුද්ගලයින් සමඟ ඇති කර ගන්නා පරිකල්පනීය සබඳතා, තමා හඳුනන අය සමග ඇති කර ගන්නා බැඳීම්වලට වඩා ධනාත්මක ශක්තියක් ලබා දෙන බවයි. කෙසේ වෙතත්, ප්‍රේම සම්බන්ධයක් හෝ ඉතා කිට්ටු මිත්‍රත්වයක් වැනි ශක්තිමත් ද්වි පාර්ශ්වික සබඳතාවක් චිත්තවේගීය අවශ්‍යතා සපුරාලීම සඳහා වඩාත් ම ඵලදායි සම්බන්ධතාවය ලෙස ඇය තවදුරටත් පෙන්වා දෙනවා.