ගඳ සුවඳ සොයන සුපිරි බලු හැකියාව

මෑතක දී සුනඛයන් තුළ සුවඳ හඳුනා ගැනීමේ සීමාව විමර්ශනය කිරීමට සිදු කළ අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ පුහුණු කරන ලද සුනඛයන්ට කලින් හිතුවාට වඩා අඩු සාන්ද්‍රණවල සුවඳ පවා හඳුනා ගත හැකි බවයි.

මේ අධ්‍යයනය සිදු කළේ Helsinki විශ්වවිද්‍යාලයේ DogRisk පර්යේෂණ කණ්ඩායම, නැගෙනහිර ෆින්ලන්ත විශ්වවිද්‍යාලය සහ ෆින්ලන්තයේ Wise Nose — Scent Discrimination සංගමය එක් ව යි.

පර්යේෂණයට සුනඛයින් පහළොවක් ඇතුළත් වූ අතර, ඉයුකැලිප්ටස් හයිඩ්‍රොලේට් Eucalyptus hydrolate ) නම් රසායනිකයේ විවිධ සාන්ද්‍රණ හඳුනා ගැනීමට උන්ව යොමු කෙරුනා. ඉතා නවීන විශ්ලේෂණාත්මක උපකරණවලට හඳුනාගත හැකි සීමාවටත් පහළ සාන්ද්‍රණ හඳුනා ගැනීම සඳහා සුනඛයන් පුහුණු කළ හැකි බව මේ පර්යේෂණයේ දී පෙනී ගියා.

Related posts

පරණ මිතුරන් මිතුරන්ට වඩා යූටියුබ් තරු ලොකු වීම

ආදරය මොළයෙහි ගැඹුරු ලකුණක් තබයි

ඔබේ ජංගමයා විනාඩියට චාජ් කරන සුපිරි ධාරිත්‍රක