වසරේ හොඳ ම විද්‍යා සන්නිවේදකයාට හිමි විද්‍යාභිවර්ධන සම්මානය අසෝක ඩයස්ට

ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය (Sri Lanka Association for the Advancement of Science – SLAAS) මගින් පිරිනැමෙන වසරේ හොඳ ම විද්‍යා සන්නිවේදක තරඟයේ ජයග්‍රාහකයා වශයෙන් ඉකුත් දා ප්‍රවීණ මාධ්‍යවේදී අසෝක ඩයස් සම්මානයෙන් පිදුම් ලැබුවා. ඒ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍යපීඨ ප්‍රධාන ශාලාවේ පැවැති ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ 78 වැනි සැසිවාර සමාරම්භක උත්සවයේ දී යි.

සිරස TV හි News 1st ඔස්සේ විකාශය වන ‘පැතිකඩ’ සංවාදශීලී වැඩසටහන ඔස්සේ වෛද්‍ය, කෘෂි, ඉංජිනේරු, පරිගණක හා සමාජ විද්‍යා ඇතුළු විද්‍යාවේ විවිධ පැතිකඩ සමාජගත කිරීමට දරන උත්සාහය වෙනුවෙන් මේ සම්මානය පිරිනැමුණා.

වර්ථමානයේ සිරස මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරන ඔහු විද්‍යුත් මාධ්‍යවේදියෙකු මෙන් ම රූපවාහිනී වැඩසටහන් මෙහෙයවන්නෙකු ලෙස ද කටයුතු කරනවා. 

මුද්‍රිත, විද්‍යුත් හා ඩිජිටල් මාධ්‍යයන්හි දශක 3 කට අධික කාලයක අත්දැකීම් සම්භාරයක් සතු ඔහු මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන්නේ 80, 90 දශකය තුළ විදුසර විද්‍යා සඟරාවෙන්. විදුසර සමග වැඩුණු යාවජීව පාඨකයන් අසෝක අතින් විදුසරට ලියැවුණු ‘අසඩක්ගේ දිනපොත’ ලිපි සංග්‍රහය අදටත් සිහිපත් කරන්නේ අපමණ ලෙංගතුබවකින්. ලැබූ ජයග්‍රහණය වෙනුවෙන් අසෝක ඩයස් මහතාට විදුසරේ සුබපැතුම්!

Related posts

2060 වන විට ලොව ජලාශවලින් අඩක් ම රොන්මඩ පිරී අක්‍රිය වන ලකුණු

SpaceX රොකට් කොටසක් අද හඳට කඩා වැටෙයි

ඩයිනෝසරයන්ගේ වඳ ව ගිය ග්‍රහක ගැටුමෙන් මිනිසුන්ට දරාගත හැකි උපරිම උෂ්ණත්වය මෙන් 17 ගුණයක තාපයක් නිකුත් වී ඇති බව නවතම අධ්‍යයනයක් පෙන්වා දෙයි