ජේම්ස් වෙබ් පිටස්තර ග්‍රහලොවක් සොයාගනී

This artist’s impression shows the planet orbiting the Sun-like star HD 85512 in the southern constellation of Vela (The Sail). This planet is one of sixteen super-Earths discovered by the HARPS instrument on the 3.6-metre telescope at ESO’s La Silla Observatory. This planet is about 3.6 times as massive as the Earth lis at the edge of the habitable zone around the star, where liquid water, and perhaps even life, could potentially exist.

විශ්වයේ වගතුග සොයා යන ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය පසුගිය දා සිය නිරීක්ෂණ ක්‍රියාවලියේ තවත් සුවිශේෂ සංධිස්ථානයක් පසුකළා. ඒ ප්‍රථම වරට පිටස්තර ග්‍රහලොවක් සිය ඡායාරූපයකට නතු කර ගැනීමෙන්.

සෞරග්‍රහ මණ්ඩලයට පිටතින් ඇති LHS 475 b නම් වන මේ පිටස්තර ග්‍රහලොව විශාලත්වය අතින් පෘථිවියට සමානයි. පෘථිවිය මෙන් ම පාෂාණමය ග්‍රහලොවක් වන එය ආලෝක වර්ෂ 41ක් දුරින්, ඔක්ටන්ස් තාරකා රාශියෙහි පිහිටා තිබෙනවා. 

NASA ආයතනයට අයත් Transiting Exoplanet Survey Satellite (TESS) හරහා මෙවැනි ග්‍රහලොවක් අදාළ ස්ථානයේ පැවතිය හැකි බව උපකල්පනය කර තිබුණේ පෙර සිට ම යි. ඒ උපකල්පනය නිවැරදි බව තහවුරු කරගන්නට James Webb දුරේක්ෂයේ නවතම සොයාගැනීම සමත් වී තිබෙනවා.

Webbගේ මේ පර්යේෂණාත්මක ව්‍යායාමය පිටුපස සිටියේ අමෙරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයීය භෞතික 

විද්‍යාගාරයේ තාරකා විද්‍යාඥ කෙවින් ස්ටීවන්සන් ඇතුළු පිරිසයි. ඔවුන් Webb විසින් ගත් ඡායාරූප අධ්‍යයනය කරමින් අදාළ ග්‍රහලොව සිය තාරකාව වටා යාමේ දී ඇති වන දීප්තියේ වෙනස නිරීක්ෂණය කිරීමෙන් ⁣මේ ග්‍රහලෝකයේ පැවැත්ම සනාථ කරගෙන තිබෙනවා. 

LHS 475 b පිටස්තර ග්‍රහලොවේ සොයාගැනීම නිල වශයෙන් නිවේදනය කරනු ලැබුණේ ඉකුත් බදාදා දින සියැටල්හි පැවැති American Astronomical Society සංසදයේ 241 වැනි සැසි වාරයේ දීයි.

පිටස්තර ග්‍රහලොවක වා⁣යුගෝලීය සංයුතිය පිළිබඳ අදහසක් ලබාගැනීමට තරම් බලවත් එක ම දුරේක්ෂය වන්නේ James Webb අභ්‍යවකාශ දුරේක්ෂයයි. මේ වන තෙක් නිශ්චිත නිගමනයකට පැමිණ නැතත් Webb ඇසුරෙන් එහි වායුගොලය පිළිබඳ අධ්‍යයන කටයුතු සිදු වෙමින් පවතිනවා.

CNN ඇසුරෙනි.

සත්‍ය හෙට්ටිආරච්චි 

Related posts

Blue Origin සමාගමේ New Glenn රොකට්ටුව පූර්ව දියත් කිරීමේ පරීක්ෂණයක් අතරතුර පිපිරී යයි

Moon Base I මෙහෙයුම ජෙෆ් බෙසෝස්ගේ Blue Origin සමාගමට

SpaceX කොටස් වෙළෙඳපොළට