Home Science News Deep Jungle සැණකෙළියට අධිකරණ නියෝගයක්

Deep Jungle සැණකෙළියට අධිකරණ නියෝගයක්

by Sathya

පෙබරවාරි 17 සිට 20 වැනි දා දක්වා හබරණ අලි කොරිඩෝවට යාබද ව පැවැත්වීමට කටයුතු යොදා තිබූ Deep jungle music and cultural festival සංගීත සැණකෙළියට එරෙහි ව පරිසරවේදීන් කණ්ඩායමක් විසින් අද දිනයේ දී හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ දී නඩුකරයක් ගොනු කරනු ලැබුණා. 

වන සත්ත්ව හා සොබා රක්ෂණ සංගමය නිකුත් කළ මාධ්‍ය නිවේදනයට අනුව එහි දී මහේස්ත්‍රාත්වරයා ඉහත කී Deep Jungle Music and Cultural Festival යන සංගීත ප‍්‍රසංගය 2031/2007 දරණ පොලිස්පති චක‍්‍රලේඛයට අනුකූලව පමණක් පැවැත්විය යුතු බවට නියෝග කළා. එසේ ම එම චක‍්‍රලේඛය අනුව ඉහත සැණකෙළිය පවත්වන්නේ ද යන්න අධීක්ෂණය කිරීමට 20 දෙනෙකුගෙන් යුත් පොලිස් කණ්ඩායමක් සහ 10 දෙනෙකුගෙන් යුත්  වනජීවී නිලධාරීන් කණ්ඩායමක් යොදවන ලෙසත් පොලිසියට නියෝග නිකුත් කෙරුණා. 

එසේ ම මේ සැණකෙළිය එය පවත්නා පරිශ්‍රයෙන් ඔබ්බට නෑසෙන පරිදි හඬ වර්ධක හා ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයෙන් තොර ව සිදු කළ යුතු බවට දන්වමින් කොන්දේසි සහිත ආඥාවක් ද නිකුත් කෙරුණා.

පොලිස් ආඥා පනතේ 80(1) වගන්තිය යටතේ රාත්‍රී 10:00 සිට පසුදින උදෑසන 6.00 දක්වා කාලයට වලංගු  වන සේ ශබ්ද විකාශන යන්ත්‍ර හෝ ඒ ආකාරයේ වෙනත් උපකරණ භාවිතා නො කළ යුතුයි. අදාළ පොලිස් චක්‍රලේඛය උල්ලංඝනය වුවහොත් වහා ම එකී උපකරණ අත්අඩංගුවට ගෙන චක්‍රලේඛයේ දැක්වෙන පරිදි ඉදිරි කටයුතු කරන ලෙසට හබරණ පොලීසියට ද කොන්දේසි සහිත ආඥාවක් නිකුත් කෙරුණා.

මෙහි දී පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ එස්. එච්. එම්. හසාන් හමීඩ් සහ නීතිඥ  නිශානි උදේශිකා මෙනෙවිය පෙනී සිටියා.

පරිසරයට හිතැති බොහෝ පිරිසක් මෙම සැණකෙළිය හේතුවෙන් වන සතුන්ට මෙන් ම පරිසරයට ඇතිවිය හැකි හානිකර තත්ත්වය වළක්වා ගැනීම වෙනුවෙන් පෙනී සිටි අතර මෙම නීතිමය ක්‍රියාමාර්ගය සඳහා RARE සංවිධානය වනසත්ත්ව සහ ස්වභාරක්ෂක සංගමය (WNPS) හා පරිසර යුක්ති කේන්ද්‍රය (CEJ) සිය දායකත්වය ලබා දුන්නා.

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications