Everything Everywhere All at Once හොඳ ම චිත්‍රපටය බවට පත් වෙයි

95වැනි ඇකඩමි සම්මාන ⁣උළෙල ඊයේ රාත්‍රියේ ලොස් ඇන්ජලීස් නුවර Dolby Theater හි දී පැවැත්වුණා.

එහි දී හොඳ ම චිත්‍රපටය ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ “Everything Everywhere All at Once” චිත්‍රපටයයි. ඒ ජේම්ස් කැමරන්ගේ “Avatar : The Way of Water” සහ “ස්ටීවන් ස්පිල්බර්⁣ග්ගේ “The Fabelmans” ඇතුළු නාම යෝජිත තවත් සිනමා කෘති නවයක් අබිබවමින්.

“Everything Everywhere All at Once” හොඳ ම නිළිය, හොඳ ම ස්වතන්ත්‍ර තිර පිටපත, හොඳ ම සහාය නළුවා, නිළිය ඇතුළු තවත් සම්මාන රැසකට පාත්‍ර වුණා.

පහතින් දැක්වෙන්නේ 2023 ඇකඩමි සම්මාන උළලේ සම්මානයට පාත්‍ර වූ නිර්මාණ පිළිබඳ සංක්ෂිප්ත සටහනක්.

හොඳ ම චිත්‍රපටය – 𝗘𝘃𝗲𝗿𝘆𝘁𝗵𝗶𝗻𝗴 𝗘𝘃𝗲𝗿𝘆𝘄𝗵𝗲𝗿𝗲 𝗔𝗹𝗹 𝗮𝘁 𝗢𝗻𝗰𝗲 

හොඳ ම අධ්‍යක්ෂණය – Everything Everywhere All at Once (𝗗𝗮𝗻𝗶𝗲𝗹 𝗞𝘄𝗮𝗻 සහ 𝗗𝗮𝗻𝗶𝗲𝗹 𝗦𝗰𝗵𝗲𝗶𝗻𝗲𝗿𝘁)

හොඳ ම නිළිය – Everything Everywhere All at Once (𝗠𝗶𝗰𝗵𝗲𝗹𝗹𝗲 𝗬𝗲𝗼𝗵)

හොඳ ම නළුවා –  The Whale (𝗕𝗿𝗲𝗻𝗱𝗮𝗻 𝗙𝗿𝗮𝘀𝗲𝗿)

හොඳ ම සහාය නිළිය – Everything Everywhere All at Once (𝗝𝗮𝗺𝗶𝗲 𝗟𝗲𝗲 𝗖𝘂𝗿𝘁𝗶𝘀) 

හොඳ ම සහාය නළුවා – Everything Everywhere All at Once (𝗞𝗲 𝗛𝘂𝘃 𝗢𝘂𝗮𝗻)

හොඳ ම ස්වතන්ත්‍ර තිර රචනය – Everything Everywhere All at Once (𝗗𝗮𝗻𝗶𝗲𝗹 𝗞𝘄𝗮𝗻 සහ 𝗗𝗮𝗻𝗶𝗲𝗹 𝗦𝗰𝗵𝗲𝗶𝗻𝗲𝗿𝘁)

හොඳ ම සංස්කරණය – Everything Everywhere All at Once (𝗣𝗮𝘂𝗹 𝗥𝗼𝗴𝗲𝗿𝘀)

හොඳ ම සජීවීකරණ කෙටි චිත්‍රපටය – The Boy, the Mole, the Fox and the Horse

හොඳ ම වස්ත්‍රාභරණ සැලසුම – Black Panther : Wakanda Forever (𝗥𝘂𝘁𝗵 𝗘. 𝗖𝗮𝗿𝘁𝗲𝗿)

හොඳ ම දෘෂ්‍ය ප්‍රයෝග – Avatar : The Way of Water (𝗝𝗼𝗲 𝗟𝗲𝘁𝘁𝗲𝗿𝗶, 𝗥𝗶𝗰𝗵𝗮𝗿𝗱 𝗕𝗮𝗻𝗲𝗵𝗮𝗺, 𝗘𝗿𝗶𝗰 𝗦𝗮𝗶𝗻𝗱𝗼𝗻 සහ 𝗗𝗮𝗻𝗶𝗲𝗹 𝗕𝗮𝗿𝗿𝗲𝘁𝘁)

හොඳ ම සජීවීකරණ චිත්‍රපටය – 𝗚𝘂𝗶𝗹𝗹𝗲𝗿𝗺𝗼 𝗱𝗲𝗹 𝗧𝗼𝗿𝗼’𝘀 𝗣𝗶𝗻𝗼𝗰𝗰𝗵𝗶𝗼

Related posts

3I/ ATLAS සම්භවය සිදු වූ ඉසව්ව ගැන අලුත් අධ්‍යයනයක්

සාගරය හරහා ඉදිකෙරෙන යෝජිත දැවැන්ත වේල්ලෙන් AMOC බේරාගත හැකි ද?

ක්‍රිටේසීය අවධියේ සාගරවල විසූ යෝධ බූවල්ලන්