Home Science News සාගරයේ ගැඹුරින් ම හමු වූ මත්ස්‍යයාගේ වාර්තාව අලුත් වෙයි

සාගරයේ ගැඹුරින් ම හමු වූ මත්ස්‍යයාගේ වාර්තාව අලුත් වෙයි

by Sathya

සාගරයේ ගැඹුරුතම තැනකින් හමු වූ මතස්‍යයාට හිමි වාර්තාව අලුත් වී තිබෙනවා. ඒ Snailfish නමින් හැඳින්වෙන මත්ස්‍ය විශේෂයට අයත් මසුන් දෙදෙනෙක් සාගර මතුපිට සිට මීටර 8,300ක් ගැඹුරින් පිහිනමින් සිටිය දී කැමරාවට හසු වීමත් සමගයි.

මේ සොයාගැනීම සිදු කළේ ඔස්ට්‍රේලියාවේ Western Australia සරසවියත්, ජපානයේ තෝකියෝහි සාගර විද්‍යා සරසවියත් සයයෝගයෙන් සිදු කළ අධ්‍යයනයක දීයි. ඔවුන්ගේ අවධානය යොමු ව පැවතියේ ගැඹුරු සාගර ජීවීන් ගවේෂණය කිරීමයි. ජපානය අවට සාගර කලාපයේ පිහිටන The Japan, Izu-Ogasawara සහ Ryukyu නමැති ආගාධ ද්විත්වය ඔවුන්ගේ ගවේෂණයට කේන්ද්‍ර වී තිබුණා. ඒවා පිළිවෙළින් උතුරු පැසිෆික් සාගර මට්ටමේ සිට මීටර 8000, මීටර 9,300 සහ මීටර 7,300 ගැඹුරකින් යුක්තයි.

ඔවුනට මේ වාර්තාගත මත්ස්‍යයා හමු වුණේ Izu-Ogasawara ආගාධය තුළ සිටිය දීයි. පර්යේෂකයන් මේ දසුන පටිගත කිරීම සඳහා කැමරාවක් සවි කළ ඇමක් ඒ වෙත පහත් කර තිබුණා.

පෙනුමෙන් ඉස් ගෙඩියෙකුට සමානකම් කියන Snailfish මතස්‍යයා අඟල් 12ක සාමාන්‍ය දිගකට වර්ධනය වනවා. ඔවුන් කිසියම් හෝ සාගර කලාපයකට ආවේණික වන්නේ නැහැ. විවිධ Snailfish විශේෂ ලොව පුරා විවිධ සාගර කලාපවලින් හමු වී තිබෙනවා. නමුත් ඒ බොහෝවිට නො ගැඹුරු සාගර සීමාවේ දීයි. පර්යේෂකයන් පෙන්වා දෙන්නේ මීටර 8,300ක්, එනම් මෙතෙක් වාර්තාගත ගැඹුරුත ම මට්ටමේ සිට හමු වූ මේ Snailfish විශේෂය මෙතෙක් හඳුනාගෙන නො තිබූ බවයි.

ඔවුන් මේ සොයාගැනීම සිදු කර තිබුණේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී නමුත් අදාළ රූපරාමු එළි දැක්වූයේ පසුගිය අප්‍රේල් මුල් සතියේ යි.

‘ජපානයේ ආගාධ ගවේෂණයන් සඳහා අද්විතීය ස්ථානයන්. ඒවායේ පත්ල පවා ජීවයෙන් පිරිපුන්’ එසේ පවසන්නේ ගවේෂණය මෙහෙයවූ Western Australia සරසවියේ මහාචාර්ය Alan Jamieson.

CBS News ඇසුරෙනි.

සත්‍ය හෙට්ටිආරච්චි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications