එක ම WhatsApp ගිණුමට දුරකථන හතරකින් පිවිසීමේ හැකියාව

Meta සමාගම ඊයේ රාත්‍රියේ සිට එක ම WhatsApp ගිණුමට ස්මාට් දුරකථන හතරකින් ප්‍රවේශ (log) වීමේ පහසුකම සපයා දුන්නා.

මේ බව මුලින් ම නිරාවරණය කළේ, Meta සමාගමේ නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් සිය ⁣Facebook පිටුවේ සටහනක් තබමින්.

මෙතෙක් කල් එක ම මොහොතේ දුරකතන දෙකක් හෝ වැඩි සංඛ්‍යාවක් මඟින් එකවර එක ම WhatsApp ගිණුමට ප්‍රවේශ වීමේ හැකියාව තිබුණේ නෑ. වෙනත් දුරකථනයකින් එයට log වීමට අවශ්‍ය නම් දැනට log වී සිටින දුරකථනය අදාළ WhatsApp ගිණුමෙන් sign out කළ යුතු වුණා. නමුත් මේ නවතම පහසුකම මඟින් එක ම මොහොතේ දුරකථන හතරකින් වුවත් එක ම ගිණුමට log වීමේ හැකියාව ලැබෙනවා.

මෙසේ දුරකථන කිහිපයක් ඔස්සේ log වීමේ දී Android හෝ iOS භේදයක් බලපාන්නේ නැහැ.

දැනට භාවිතා වන WhatsApp ගිණුමේ දුරකථන අංකය ලබා දීමෙන් අනතුරුව ලැබෙන QR කේතය ස්කෑන් කිරීම මඟින් නව උපාංගයට එක ම ගිණුමට ප්‍රවේශ විය හැකියි. මෙහි දී WhatsApp ගිණුම සමග බැඳුණු මූලික ම උපාංගය ලෙස සැලකෙන්නේ මුලින් ම Sign In වූ දුරකථනය වුවත් එය සෑම මොහොතක ම ළඟ තබා ගැනීම හෝ එමඟින් WhatsApp මෘදුකාංගය විවෘත කර තබාගැනීම හෝ සිදුකළ යුතු නැහැ.

සෞන්දර්ය සෙනරත්

Related posts

ඔර්කාවන් සන්ෆිෂ් මසුන් කැබලිවලට කඩා දමන හැසිරීමක් ප්‍රකට කරන බව නිරීක්ෂණය වෙයි

74 වසරකට පසු මුහුදු පත්ලෙන් හමු වූ ‘පෑන් ඇම්’ යානයේ සුන්බුන්

තරු දෙක ම සුපර්නෝවා ලෙස පුපුරා ගිය ද්විත්ව තරු පද්ධතියක් පළමු වරට සොයාගැනේ