පෘථිවියේ ඉහළ වායුගෝලයේ අබිරහස් අධෝ සංඛ්‍යාත ශබ්ද හඳුනා ගැනේ

The image is an artist's enhancement of reality. To the bland image taken by the ISS, the artist added digital light effects and shadow enhancements. Its clarity and details were also enhanced. In addition, a split tone between orange color and blue tonalities was enhanced. Black dots created by dust in the camera sensor were removed. The ISS is flying over the Philippine Sea. Elements of this image were furnished by NASA

පෘථිවි වායුගෝලයේ පහළ ම ස්තරය වන පරිවර්තී ගෝලයට එක එල්ලේ ම ඉහළින් පිහිටි ස්තර ගෝලයේ අබිරහසිගත ශබ්ද තරංග පවතින බව වාර්තා වී තිබෙනවා.

මිනිස් කනට නො ඇසෙන තරම් අඩු සංඛ්‍යාත එනම් හර්ට්ස් 20 ටත් වඩා අඩු සංඛ්‍යාතයන් ඇති මේ අධෝ ධ්වනි ශබ්දයන් (Infrasound) හඳුනාගෙන ඇත්තේ මුහුදු මට්ටමෙන් අඩි 70,000 ක් පමණ ඉහළට යවන ලද සූර්ය බල ශක්ති බැලූන වල ඇති විශේෂ උපකරණ මඟිනුයි.

පසුගිය මැයි 11 වැනි දින එක්සත් ජනපදයේ චිකාගෝහි පැවති ඇමරිකානු Acoustical Society සංගමයේ 184 වැනි රැස්වීමේ දී මේ සොයාගැනීම පිළිබඳ හෙළිදරව් කෙරුණා.

“ස්තර ගෝලය තුළ පැයකට වාර කීපයක් හටගන්නා අබිරහස් අධෝ ධ්වනිවල ප්‍රභවය කුමක් දැ යි කොහෙත් ම හඳුනාගෙන නැහැ.” මේ අධ්‍යයනයේ ප්‍රධාන පර්යේෂකයා වන නිව් මෙක්සිකෝහි සැන්ඩියා ජාතික විද්‍යාගාරයේ ජ්‍යේෂ්ඨ විද්‍යාඥයෙකු වන ඩැනියෙල් බෝමන් පවසනවා.

පෘථිවියේ මුහුදු මට්ටමෙන් කිලෝ මීටර් 14.5 ක් ඉහළ සිට ඇරඹෙන ස්තර ගෝලය කිලෝ මීටර් 50 ක් පමණ දක්වා ඉහළට පැතිර තිබෙනවා.

හිරුගේ පාරජම්බුල කිරණ අවහිර කරන ඕසෝන් වායුව සහිත මේ ස්තර ගෝලය අවම කැළඹීම් සහිත සන්සුන් කලාපයක් වුවත් මේ අබිරහස් ශබ්ද දැන් යථාර්ථයක් වී හමාරයි.

EurekAlert ඇසුරෙනි.

ප්‍රේමශාන්ත කුමාරසිරි

Related posts

ක්‍රිටේසීය අවධියේ සාගරවල විසූ යෝධ බූවල්ලන්

හෝමුස් සමුද්‍ර සන්ධියේ පාරිසරික කිරුළ යුද ගැටුම් හමුවේ දැඩි අවදානමක

කොලොම්බස්ගේ ආගමනයට පෙරත් ඇමරිකාවේ ස්කාලට් උණ තිබිලා