ලොව විශාලතම වකුගඩු ගල ශ්‍රී ලංකාවෙන්

ලොව මෙතෙක් වාර්තා වූ විශාලතම වකුගඩු ගල ශල්‍යකර්මයක් මඟින් සාර්ථක ව ඉවත් කර ගිනස් වාර්තාවක් තැබීමට යුද හමුදා රෝහලේ කාර්ය මණ්ඩලය සමත් ව තිබෙනවා. ශල්‍යකර්මය ඉකුත් ජූලි 1 දා සිදු කළ බවයි ශ්‍රී ලංකා යුද හමුදාව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මුත්‍රා රෝග අංශයේ ප්‍රධානී, මුත්‍රා රෝග විශේෂඥ ලුතිනන් කර්නල් (වෛද්‍ය) කේ. සුදර්ශන්ගේ අදියුරුවම යටතේ කපිතාන් (වෛද්‍ය) ඩබ්. පී. එස්. සී. පතිරත්න සහ වෛද්‍ය තමාෂා ප්‍රේමතිලක ශල්‍යකර්මය මෙහෙයවා තිබෙනවා. කර්නල් (වෛද්‍ය) යූ. ඒ. එල්. ඩී. පෙරේරා සහ කර්නල් (වෛද්‍ය) සී. එස්. අබේසිංහ ශල්‍යකර්මය අතරතුර නිර්වින්දන විශේෂඥයන් වශයෙන් සහය වී තිබෙනවා.

මෙසේ ඉවත් කරන ලද වකුගඩු ගල දිග අතට සෙන්ටිමීටර 13.372ක දිගකින් යුතු අතර බරින් ග්‍රෑම් 801ක් ලෙසයි සඳහන් වන්නේ.

මින් පෙර 2004 දී හමු වූ සෙන්ටි මීටර 13ක් දිගු වකුගඩු ගලක් ලොව විශාලතම වකුගඩු ගල ලෙස සැලකුණු අතර 2008 දී පාකිස්ථානයෙන් හමු වූ වකුගඩු ගලක් ලොව බරැතිම වකුගඩු ගල ලෙස පිළිගැනුණා. යුද හමුදා රෝහලේ සිදු වූ මෙකී සැත්කමත් සමඟ විශාලතම හා බරැතිම වකුගඩු ගලට හිමි වාර්තා අලුත් වනවා.

Related posts

SpaceX රොකට් කොටසක් අද හඳට කඩා වැටෙයි

ඩයිනෝසරයන්ගේ වඳ ව ගිය ග්‍රහක ගැටුමෙන් මිනිසුන්ට දරාගත හැකි උපරිම උෂ්ණත්වය මෙන් 17 ගුණයක තාපයක් නිකුත් වී ඇති බව නවතම අධ්‍යයනයක් පෙන්වා දෙයි

පැසිෆික් කලාපයේ යමහල් විදාරණ හේතුවෙන් පෘථිවිය සියවස් ගණනාවක් පුරා සිසිල් වී ඇති බව හෙළි වෙයි