‘වික්‍රම්’ ලෑන්ඩර මොඩියුලය සහ ‘ප්‍රාග්යාන්’ චන්ද්‍ර රෝවරය රැගත් ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ (ISRO) චන්ද්‍රයාන් 3 සාර්ථක ලෙස සෙඳෙහි දක්ෂණ ධ්‍රැවයට සුමට ගොඩබැසීමක් වාර්තා කළා. ඒ චන්ද්‍රයාගේ දක්ෂණ ධ්‍රැවය ආසන්නයට සුමට ගොඩ බැස්මක් සිදු කළ පළමු වැනි රට බවට ඉන්දියාව පත් කරමින්. එසේ ම සඳ මතට සුමට ගොඩබැස්මක් කළ සිව් වැනි රට බවට ද ඉන්දියාව නිරායාසයෙන් ම පත් වුණා.
ISRO විද්‍යාඥයන්ට සිය සුබ පැතුම් එක් කළ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පැවසුවේ ඉන්දියාවේ සාර්ථක සඳ ගමන ඉන්දියාව වෙනුවෙන් පමණක් නො ව සමස්ත මානව වර්ගයා ලැබූ ජයක් බවයි. එය වෙනත් රටවල අනාගත චන්ද්‍ර මෙහෙයුම් සඳහා ද රුකුලක් වනු ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.
NASA ආයතනයේ ප්‍රධානී Bill Nelson ද සිය X හැඬලය ඔස්සේ ඉන්දියාව ලැබූ ජයග්‍රහණය වෙනුවෙන් සුබපැතුම් එක් කර තිබෙනවා.
සෞන්දර්ය සෙනරත්