Home Science News ලොව පැරැණිතම මෙගාලිතික නිර්මාණය බවට සැක කළ හැකි පිරමීඩයක් ඉන්දුනීසියාවෙන්

ලොව පැරැණිතම මෙගාලිතික නිර්මාණය බවට සැක කළ හැකි පිරමීඩයක් ඉන්දුනීසියාවෙන්

by Sathya

පොළොවට යට වී ඇති යෝධ පිරමීඩයක් ඉන්දුනීසියාවේ බටහිර ජාවා දූපතෙන් අනාවරණය කරගන්නට විද්‍යාඥයන් සමත් ව තිබෙනවා. එය මිනිසුන් අතින් සිදු කරන ලදැ යි පිළිගත හැකි පැරණිතම මෙගාලිතික ව්‍යුහය විය හැකි බවයි ඔවුන් සඳහන් කරන්නේ. එය Gunung Padang නම් වනවා.

එය ඉදිකර තිබෙන්නේ මියගිය යමහලක් මතයි. ඉන්දුනීසියානු විද්‍යාඥයන්ගේ නවතම දත්තවලට අනුව එහි අභ්‍යන්තරය මෙතෙක් කල් නො දැන සිටි රහස් ගණනාවක තෝතැන්නක් විය හැකි බව උපකල්පනය කෙරෙනවා.

Gunung Padang කේන්ද්‍ර කරගනිමින් සිදු කළ විශ්ලේෂණ මඟින් අනාවරණය කරගෙන ඇති පරිදි පෞරාණික ශිෂ්ටාචාරයක් විසින් ලාවාවලින් තැනුණු ස්වභාවික භූ විෂමතාවක් ඉතාම සුපරික්ෂාකාරී ව හැඩගන්වමින් පිරමීඩයක හරය බවට පත් කර තිබෙනවා. මේ පුරාවිද්‍යා අඩවිය ලක් කෙරුණු රේඩියෝකාබන් දින නිර්ණය මඟින් පෙන්නුම් කෙරී තිබුණේ එහි මුල් අදියරේ ඉදිකිරීම් කටයුතු ආරම්භ වී ඇත්තේ අදින් වසර 16,000ත් 27,000ත් අතර බවයි. එනම් එහි ආරම්භය අවසාන් හිම යුගය දක්වා ම ඇදී යනවා.

දැනට ලොව ඇති පැරණිතම මෙගාලිතික නිර්මාණය ලෙස සැලකෙන්නේ තුර්කියේ පිහිටි වසර 11,000ක් අතීතයට දිවයන Göbekli Tepe නම් සුවිසල් පාෂාණමය ඉදිකිරීමයි.

Science Alert ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications