Home Science News බල්ලන් වෙනුවෙන් ම නව ගුවන් සේවයක්

බල්ලන් වෙනුවෙන් ම නව ගුවන් සේවයක්

by Sathya

බල්ලන් ගුවනින් ප්‍රවාහනය කියන්නේ බල්ලන්ට වගේ ම අයිතිකරුවන්ටත් පීඩාකාරී වැඩක්.
ඒ, කොන්දේසි ගොඩක් වගේ ම සීමා කිරීම් ගොඩක් යටතේ එය සිදු කළ යුතු නිසා.
හැබැයි මේ ක්‍රමය වෙනස් කරන්න නව ගුවන් සේවයක් මැයි මාසයේ ඇරඹෙනවා.
ගුවන් සමාගමේ නම BARK Air.
මැයි 23 වැනි දා ඇමෙරිකාවේ නිව්යෝක්වලින් තමයි ගුවන් සේවය පටන්ගන්නේ.
මේ ගුවන් සේවය බල්ලන්ව මිනිසුන් තරම් ම හොඳින් රැකබලාගන්නා බවත් සංග්‍රහ කරන බවත් ගුවන් සේවයේ බලධාරීන් පවසනවා.
යානයට ගොඩ වෙන්න පැයකට විතර කලින් විශේෂ පුහුණුව ලැබූ ගුවන් සේවකයන් විසින් බල්ලන් සන්සුන් කරවන බවත් යානය ඇතුළේ දී බල්ලන් තවදුරටත් සන්සුන් කරවන ෆෙරමෝන, සංගීතය, සුවඳ ගැල්වූ තුවා වගේ දේවල් සපයා තිබෙන බවත් සඳහන් වෙනවා. ඔවුන්ගේ ශාරීරික අවශ්‍යතා සඳහා පහසුකම් එහෙමත් මේවාට ඇතුළත්. ඒ වගේ ම ගුවන්ගත වීමේ දී සහ ගොඩබැස්වීමේ දී පීඩන වෙනස නිසා බල්ලන්ගේ කන්වලට දැනෙන අපහසුව අඩු කිරීමේ උපක්‍රමත් ඔවුන් යොදා තිබෙන බව පැවසෙනවා.
කොහොම නමුත් නිව්යෝක් ඉඳන් ලන්ඩන් දක්වා බල්ලෙක් ප්‍රවාහනය කරන්න යන ගාස්තුව නම් ඩොලර් 6000ක් තරම් වෙනවා.

 

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications