Home Science News මහාචාර්ය නලින් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

මහාචාර්ය නලින් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

by Sathya

දාර්ශනිකයෙකු මෙන් ම දේශපාලන වි⁣ශ්ලේෂකයෙකු ද වූ මහාචාර්ය නලින් ද සිල්වා මහතා අද (02) පස්වරුවේ ඇමරිකාවේ දී අභාවප්‍රාප්ත විය. මිය යන විට ඒ මහතා 79 වැනි වියේ පසු විය.

1944 වසරේ පානදුරේ දී උපත ලද ඔහු කොළඹ බෞද්ධාලෝක මහා විද්‍යාලයෙන්, තර්ස්ටන් විද්‍යාලයෙන් සහ ⁣රාජකීය විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය හැදෑරුවේ ය. 1963 දී ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ ඔහු, ගණිතය පිළිබඳ උපාධිය ලබා ගත් අතර 1969 දී එංගලන්තයේ සසෙක්ස් විශ්වවිද්‍යාලයෙන් විශ්ව න්‍යාය විද්‍යාව පිළිබඳ න්‍යායාත්මක භෞතික විද්‍යා ආචාර්ය උපාධිය හිමි කර ගත්තේ ය.

මහාචාර්ය නලින් ද සිල්වා මහතාගේ ඇතැම් ලිපි සහ ප්‍රකාශ සමාජය තුළ ආන්දෝලනයක් ඇති කිරීමට සමත් විය. ඔහු ‘විදුසර’ පුවත්පතේ ආරම්භක කලාපයේ සිට ම ලේඛකයෙකු වශයෙන් දායකත්වය ලබා දුන්නේ ය.

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications