Home Science News චීනය එරට නිෂ්පාදිත විශාලතම ක්වොන්ටම් චිපය තනයි

චීනය එරට නිෂ්පාදිත විශාලතම ක්වොන්ටම් චිපය තනයි

by Sathya

චීන පර්යේෂකයන් විසින්, එරට නිෂ්පාදිත විශාලතම සුපිරි සන්නායක ක්වොන්ටම් පරිගණක චිපය හඳුන්වා දී තිබෙනවා. ඔවුන් අදහස් කරන්නේ එය අලුත තැනෙන ක්වොන්ටම් පරිගණක ක්ලවුඩ් වේදිකාවක් ඔස්සේ (cloud platform) ලොව පුරා සිටින පර්යේෂකයන් හට ප්‍රයෝජනයට ගත හැකි පරිදි ලොවට විවෘත කිරීමටයි.

ක්වොන්ටම් බිටු හෙවත් qubit 504 ක ධාරිතාවක් සහිත Xiaohong නම් වන මේ චිපය මෙතෙක් කලකට එරට නිර්මාණය කර ඇති විශාලතම ක්වොන්ටම් චිපය වනවා. China Daily සඳහන් කරන පරිදි එය සැලසුම්ගත කර ඇත්තේ ක්වොන්ටම් පරිගණකවල යොදා ගැනෙන ක්වොන්ටම් බිටුවල හැසිරීම් හා අන්තර්ක්‍රියාවන් වඩාත් සුහුරු හා කාර්යක්ෂම ලෙස හැසිරවිය හැකි පරිදියි.

Xiaohong නිපදවීමට දායක වී තිබෙන්නේ චීන විද්‍යා ඇකඩමියට (Chinese Academy of Sciences – CAS) අයත් Center for Excellence in Quantum Information and Quantum Physics හි විද්‍යාඥ කණ්ඩායමක්. මේ අතරින් පළමු වැනි Xiaohong චිපය හිමි කරගෙන ඇති චීනයේ ප්‍රමුඛ ක්වොන්ටම් පරිගණන සමාගමක් වන QuantumCTek, මේ වන විට China Telecom Quantum Group සමාගම සමඟ එක් වී එය නව ක්වොන්ටම් පරිගණකයක් වෙත ස්ථාපනය කරමින් සිටින බව චීන මාධ්‍ය සඳහන් කරනවා.

වාර්තාවල දැක්වෙන පරිදි China Telecom Quantum Group මඟින් සංවර්ධනය වී ඇති සුවිශේෂිත ක්ලවුඩ් සේවා යෙදවුමක් ඔස්සේ ලොව වටා පර්යේෂකයන්ගේ භාවිතය සඳහා ද විවෘත කිරීමට කටයුතු සම්පාදනය වෙමින් පවතිනවා.

Live Science ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

 

 

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications