Home Science News GPT-4 ටියුරින් පරීක්ෂණයකින් සමත් වෙයි

GPT-4 ටියුරින් පරීක්ෂණයකින් සමත් වෙයි

by Sathya

දැන් උදා වී ඇත්තේ මිනිස් සමාජය වැඩි වශයෙන් කෘත්‍රිම බුද්ධිය සමඟ උරෙනුර ගැටෙන යුගයක්. එය කෙතරම් දුරට උඩුදුවා ඇත් දැ යි සෙවීමේ අටියෙන් පර්යේෂකයන් පිරිසක් මිනිසුන් හට එක් මිනිසෙකු හා තවත් කෘත්‍රිම බුද්ධි මොඩල තුනක් සමග සංවාදයේ නිරත වීමට අවස්ථාව සලසා දී තිබුණා. පරීක්ෂණය සඳහා සහභාගී වූ පුද්ගලයන් තමා සංවාදයේ නිරත වන්නේ කා සමඟ දැ යි දැන සිටියේ නැහැ. පරීක්ෂණයේ අරමුණ වූයේ පුද්ගලයන් හට අනෙක්තු පද්ධති අතුරින් නියම මිනිසා කවුරුන් දැ යි සොයා ගැනීමට හැකි වේ දැ යි විමසා බැලීමයි.

“ටියුරින් පරීක්ෂණය” ලෙස හැඳින්වෙන මෙය පිළිබඳ මුල් වරට සංකල්පීය හඳුන්වා දීම සිදු වූයේ පරිගණක විද්‍යාඥ ඇලන් ටියුරින් විසින් 1950 දීයි. “The imitation game” ලෙස එවක හැඳින්වුණු මේ පරීක්ෂණයේ අරමුණ වූයේ යම්කිසි යන්ත්‍රයක් එය මිනිසෙකුගෙන් වෙන් කර හඳුනා ගත නො හැකි පරිදි බුද්ධිමත් භාවයක් ප්‍රකට කරන්නේ ද යන්න විමසා බැලීමයි. යම්කිසි යන්ත්‍රයක් ටියුරින් පරීක්ෂණය සාර්ථක ලෙස සමත් වීමට නම් එය හා සංවාදයේ යෙදෙන හෝ අන්තර්ක්‍රියා කරන පුද්ගලයා රැවටෙන තරමේ සාර්ථකත්වයක් ළඟා කර ගත යුතුයි.

මෙහි දී මිනිසුන් 500 දෙනෙකුට පාඨමය හුවමාරු සිදු කරන්නන් සිව් දෙනෙකු සමඟ සංවාදයේ නිරත වීමට අවස්ථාව සලසා දීමට පර්යේෂකයන් තීරණය කර තිබුණා. ප්‍රතිචාර දක්වන ඒජන්තවරුන් ලෙස 1960 යුගයේ නිපදවන ලද කෘත්‍රිම බුද්ධි වැඩසටහනක් වන ELIZA, ChatGPT හි විසල් භාෂා මොඩල ලෙස භාවිත වන GPT-3.5 සහ GPT-4 මෙන් ම සැබෑ මිනිසෙකු ද යොදාගෙන තිබුණා. විනාඩි පහක කාලයක සංවාදයකින් පසු තමන් අන්තර්ක්‍රියා කළේ මිනිසෙකු සමඟ ද නැති නම් කෘත්‍රිම බුද්ධිය සමඟ දැ යි පර්යේෂකයන් විසින් විමසනු ලැබුණා.

මෙහි දී පෙනී ගිය පරිදි ELIZA සැබෑ මිනිසෙකු ලෙස ලැබුණු ප්‍රතිචාර 22%ක්. GPT-3.5 සැබෑ මිනිසෙකු විය හැකි බවට 50%ක ප්‍රතිචාර ලැබී තිබුණා. සැබෑ ම මිනිසා මිනිසෙකු බවට 67%ක ප්‍රතිචාරයක් ලැබී තිබූ අතර වඩාත් සිත් ගන්නා තුරු ප්‍රතිඵලය නම් GPT-4 මිනිසෙකු ලෙස වටහාගෙන ඇති ප්‍රතිචාර 54%ක් සටහන් ව පැවතීමයි.

අධ්‍යයනයේ වාර්තාව දැනය පෙරමුද්‍රිත පළ වන arXiv සර්වරයේ පළ වී තිබෙනවා.

Live Science ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications