Home Science News ඇන්ටාක්ටිකා අයිස් තලය යටින් වසර මිලියන 40 කට පෙර ගලා ගිය යෝධ ගංගා පද්ධතියක්

ඇන්ටාක්ටිකා අයිස් තලය යටින් වසර මිලියන 40 කට පෙර ගලා ගිය යෝධ ගංගා පද්ධතියක්

by Sathya

බටහිර ඇන්ටාක්ටිකා අයිස් තලය හෑරීමෙන් පසු භූ විද්‍යාඥයින් විසින් සැතපුම් දහස් ගණනක් දුරට ගලා ගිය ඉපැරණි ගංගා පද්ධතියක ශේෂයන් සොයාගෙන තිබෙනවා. පසුගිය ජූනි 5 වෙනි දින Science Advances ජර්නලයේ පළ කර තිබූ වාර්තාවකින් මේ බව අනාවරණය කෙරුණා.

“අනාගතයේ විය හැකි බරපතල දේශගුණ විපර්යාසයක් ගැන අපි සිතන්නේ නම් දැනටමත් පෘථිවි ඉතිහාසයේ ඒවා සිදු වී තිබෙන අවධි පිළිබඳව ඉගෙන ගත් යුතුයි. ” ඉහත වාර්තාවේ සහාය කතුවර ජර්මනියේ ධ්‍රැව හා සමුද්‍ර පර්යේෂණ පිළිබඳ හෙල්ම්හෝල්ට්ස් මධ්‍යස්ථානයට අයත් ඇල්ෆ්‍රඩ් වෙගනර් ආයතනයේ අවසාදිත විද්‍යාඥ Johann Klages පවසනවා.

මධ්‍ය සිට පසු ඉයෝසීන අවධියට අයත් වසර මිලියන 34 සිට 44 කට ඉහත කාලය තුළ පෘථිවි වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් මට්ටම පහත බැසීමෙන් පෘථිවිය වසාගත් ග්ලැසියර ජනිත වූ ගෝලීය ශීතනයක් සිදු ව තිබෙනවා. 2017 වසරේ දී Klages ඇතුළු විද්‍යාඥ කණ්ඩායමක් Polarstern පර්යේෂණ යාත්‍රාවෙන් බටහිර ඇන්ටාක්ටිකාවේ මුහුදු පත්ල දක්වා කැනීමෙන් මෘදු අවසාදිතයන් හා දැඩි පාෂාණ ලබාගෙන තිබුණා. එම අවසාදිතයන්ගේ විකිරණශීලී යුරේනියම් සහ ලෙඩ් අනුපාතයන් විශ්ලේෂණයෙන් ඔවුන් සොයාගත්තේ අවසාදිතයේ පහළ කොටස වසර මිලියන 85 කට ඉහත මධ්‍ය ක්‍රිටේසීය අවධියේ දී සෑදී ඇති බවයි.
එම අවසාදිතයන්ට සමශීතෝෂ්ණ වැසි වනාන්තරය්ක ලක්ෂණ පෙන්වන ෆොසිල, බීජාණු හා පරාග ඇතුළත් වූවා.
අවසාදිතයේ ඉහළ කොටසේ වසර මිලියන 30 සිට 40 කට ඉහත පැවති මධ්‍ය සිට පසු ඉයෝසීන අවධියට අයත් වැලි ප්‍රධාන වශයෙන් ම අඩංගු වුණා.

සමීප නිරීක්ෂණයෙන් ඔවුන් හඳුනා ගත්තේ ඉයෝසීන වැලි ස්ථරයේ ස්ථරීභූත රටාවට අනුව ඒවා ගංගා ඩෙල්ටාවක ලක්ෂණ පෙන්වන බවයි. තව ද විද්‍යාඥයින් විසින් ලිපිඩ ජෛව සලකුණු විශ්ලේෂණ පරීක්ෂණයෙන් ඔවුන් අවසාදිතයේ අඩංගු ලිපිඩ සහ සීනි ප්‍රමාණයන් මැන ගත් අතර මිරිදියේ වෙසෙන සයනොබැක්ටීරියාවක සාමාන්‍යයෙන් පවතින සුවිශේෂී අණු වර්ගයක් සොයාගනු ලැබුවා.

අවසානයට ඔවුන් තහවුරු කළේ ඇන්ටාක්ටිකාව හරහා ගලා ගිය ඉපැරණි ගංගාවක ලක්ෂණයි.

Science Advances සහ Live Science ඇසුරෙනි.

ප්‍රේමශාන්ත කුමාරසිරි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications