Home Science News කෝවිඩ් සමයේ තල්මහ ගහනයේ ආතතිය අඩු වූ බව අධ්‍යයනයක් පෙන්වා දෙයි

කෝවිඩ් සමයේ තල්මහ ගහනයේ ආතතිය අඩු වූ බව අධ්‍යයනයක් පෙන්වා දෙයි

by Sathya

ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත විශ්වවිද්‍යාලය විසින් සිදු කරන ලද අධ්‍යයනයකින් අනාවරණය වී ඇති පරිදි එරට නැඟෙනහිර සාගර කලාපයේ වාසය කරන හම්ප්බැක් තල්මහ ගහනය අතර පැවති ආතතිය කෝවිඩ්-19 වසංගතය පැවති මුල් වසරේ දී සැලකිය යුතු මට්ටමකින් අඩු වී ගොස් තිබෙනවා. මේ පිළිබඳ අධ්‍යයන වාර්තාව ඉකුත් දා Marine Environmental Research ජර්නලයේ පළ වුණා.

ක්වීන්ස්ලන්ත විශ්වවිද්‍යාලයේ පරිසර අධ්‍යනාංශයේ ආචාර්ය Jake Linskyගේ ප්‍රධාන කොටගත් පර්යේෂණ කණ්ඩායම, මිනිස් ක්‍රියාකාරකම් සහමුලින් ම පාහේ වෙනස් කරන්නට සමත් වූ කෝවිඩ් සංචරණ සීමා කාලය තුළ මේ තල්මහ විශේෂයේ සෞඛ්‍ය තත්ත්වය ගැන මානනය කර තබුණා. Moreton Bay පර්යේෂණ නැවතුම්පොළ මේ කාල සීමාව තුළ ඔවුන්ගේ පර්යේෂණ මූලස්ථානය ලෙස සහයෝගය ලබා දී තිබුණා.

“අපි ඩ්‍රෝන ඡායාරූප සහ මන්ද සාම්පල ලබාගනිමින් 2020 සහ 21 අතර කාලයේ සංක්‍රමණ සමය තුළ, Minjerribahවලට එහායින් ඇති සාගර කලාපයේ වෙසෙන නැඟෙනහිර ඕස්ට්‍රේලියානු හම්ප්බැක් තල්මහ ගහනය සමීප ලෙස නිරීක්ෂණය කළා.” අචාර්ය Linsky සඳහන් කරනවා.

“මේ ගහනය ඈත අතීතයේ පටන් සිදු වන තල්මහ දඩයමින් ඉතාමත් සාර්ථක ලෙස යථා තත්ත්වයට පත් ව තිබූ බව පෙනුණු බැවින් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන වඩාක් පුළුල් ව සොයාබැලීම සඳහා අප සතු ව තිබූ නවීන උපාංග යොදා ගන්නට අපි කටයුතු කළා.”

ඩ්‍රෝන යානා මඟින් ලබා ගැනුණු ඡායාරූප අධ්‍යයනය කිරීමෙන් ඔවුන් එක් එක් තල්මහගේ ප්‍රමාණය සහ ⁣ශරීර තත්ත්වය පිරික්සා බැලුවා. එසේ ම කුඩා යාත්‍රා මඟින් ගොස් තල්මහලේ සමේ සාම්පල සහ තෙල් මන්ද කොටස් එකතු කරගනු ලැබුණා. මේ සාම්පල විශ්ලේෂණය කිරීමේ දී ඔවුන්ට පෙනී ගොස් තිබුණේ ආතතියට නෑකම් කියන ජානමය අභිනයන් සහ හෝමෝන ක්‍රියාකාරිත්වයන් ⁣සාපේක්ෂ ව හොඳ මට්ටමකින් පවතින බවයි.

පර්යේෂණාගාර විශ්ලේෂණවලින් පසු 2020 වස⁣රට සාපේක්ෂ ව 2021 වසරේ දී තල්මස් ගහනය තුළ වැඩුණු කෝටිසෝල් හෝමෝනයේ ඉහළ යාමක් පැහැදිලි ලෙස ම දැකගත හැකි ව තිබුණා. “කායික විද්‍යාත්මක ව සිදු වූ මේ වෙනස එම වසර දෙක අතර කාලයේ සිදු වූ පාරිසරික ආතතීන්ගේ අඩු වීම පිළිබිඹු කරනවා.” Linsky සඳහන් කරනවා.

Phys.org ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications