Home Science News ආසියානු අලින් හට හර්පීස් වයිරසයට එරෙහි mRNA වැක්සීනය එන්නත් කිරීම ඇරඹෙයි

ආසියානු අලින් හට හර්පීස් වයිරසයට එරෙහි mRNA වැක්සීනය එන්නත් කිරීම ඇරඹෙයි

by Sathya

ඇමරිකාවේ හූස්ටන් සත්වෝද්‍යානයේ රඳවා සිටින ආසියානු අලියෙකුට හර්පීස් රෝගයට එරෙහි mRNA වැක්සීනයේ ප්‍රථම මාත්‍රාව එන්නත් කර තිබෙනවා. රඳවාගෙන සිටින ආසියානු අලි පැටවුන්ගේ වැඩිමනක් මරණවලට වගකිව යුතු වන්නේ හර්පීස් වයිරසයයි.

ඉකුත් ජූනි මාසයේ දී ටෙක්සාස් සත්වෝද්‍යානයේ වාසය කරන 40 හැවරිදි ආසියානු අලියෙකුට ප්‍රථම වතාවට එන්නත ලබා දී පරික්ෂා කර බැලුණේ elephant endotheliotropic herpesvirus (EEHV) හේතුවෙන් ලොව ආසියාතික අලි පැටවුන්ගේ මරණ ගණනාවක් ම වාර්තා වීමෙන් අනතුරු වයි.

අලින් හට එන්නත් කෙරෙන මේ mRNA වැක්සීනය සංවර්ධනය කර තිබෙන්නේ, මිනිසුන් හට වැළඳෙන හර්පීස් පිළිබඳ පර්යේෂණය කළ හූස්ටන්හි Baylor වෛද්‍ය විද්‍යාලයේ ආචාර්ය Paul Ling විසින්. බාල වියේ පසුවන අලින්ගේ ප්‍රතිශක්තිය වර්ධනය කිරීමේ මේ වැක්සීනයේ අරමුණයි.

“අලින් ඉපදෙන විට මවගෙන් ප්‍රතිදේහ සුවිශාල ප්‍රමාණයක් හිමි වනවා. කෙනරක් දරුවෙකුට උපත ලබා දෙන විට, මේ වයිරසය බොහෝ විට ඈ සතු ව පැවතිය හැකි නිසා, ඊට එරෙහි ප්‍රතිදේහ පැටවාටත් දායාද වන අතර එක්තරා කාලයක් එය ඔරොත්තු දෙනවා. අපේ වැක්සීනය නිපදවා තිබෙන්නේ කාලයත් සමග නැති වී යන ප්‍රතිශක්තිය යළි මේ අලි පැටවුන්ට ලබා දීමටයි.” ආචාර්ය Ling සඳහන් කරනවා.

mRNA වැක්සීනයත් ගොඩනඟා තිබෙන්නේ, කෝවිඩ් – 19 වැක්සීන් මෙන් ක්‍රියාකිරීමටයි. ඉන් ආසියානු අලි පැටවුන් EEHV හේතුවෙන් දරුණු ලෙස රෝගාතුර වීම සහ මරණයට පත් වීම වැළැක්වීම අපේක්ෂා කෙරෙනවා.

The Guardian ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications