ඕස්ට්‍රේලියානු විද්‍යාඥයන් පිරිසක් මැස්සන් විශේෂයක ජානමය වෙනස්කම් සිදු කරමින් මිනිස් කාබනික අපද්‍රව්‍ය වැඩි වශයෙන් ආහාරයට ගෙන ලිහිසි තෙල්, ජෛව ඉන්ධන සහ ඉහළ මට්ටමේ සත්ත්ව ආහාර නිපදවිය හැකි ලෙස වර්ථනය කර තිබෙනවා.
Hermetia illucens හෙවත් black soldier fly නමැති මැසි විශේෂය දැනටමත් ආහාර අපද්‍රව්‍ය ද ඇතුළු ව කාබනික අපද්‍රව්‍ය පරිභෝජනයට ලක් කිරීම සඳහා වාණිජමය වශයෙන් යොදා ගැනෙනවා. නමුත් ඔවුන්ගේ ජාන යම් පමණකින් වෙනස් කිරීම මඟින් උන් ලවා සිදු කරන අපද්‍රව්‍ය පරිභෝජනයේ පරාසය වැඩි වනවා. එසේ ම මේ ක්‍රියාවලිය තුළ එන්සයිම ද නිපදවෙනවා.
සිඩ්නි නුවර Macquarie විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් පළ වූ අධ්‍යයන වාර්තාවකින් පෙන්වා දෙන පරිදි අනාගතයේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට වගකිව යුතු මීතේන් වැනි වායූන්ගේ එක් වීම කාබනික අපද්‍රව්‍ය වියෝජනය සඳහා මැස්සන් යොදා ගැනීම මඟින් සැලකිය යුතු මට්ටමකට අවම කරගත හැකියි.
“අපි යමින් සිටින්නේ දේශගුණික ව්‍යසනයක් වෙතටයි. අතිවිශාල අපද්‍රව්‍ය ප්‍රමාණයක් මීතේන් නිකුත් කරනවා. අපට අවශ්‍යයි එය බින්දුව දක්වා ගෙන ඒමට.” අධ්‍යයනයේ ප්‍රධාන කතුවරයා වන ආචාර්ය Kate Tepper සඳහන් කරනවා.
ආචාර්ය Maciej Maselko විසින් Macquarie විශ්වවිද්‍යාලයේ පවත්වාගෙන යන කෘත්‍රිම ජෛවවිද්‍යා පර්යේෂණාගාරය පාවිච්චියට ගනිමින් Tepper දැනටමත් මැස්සන්ගේ ජාන සංස්කරණය පටන්ගෙන තිබෙනවා.
Maselko සඳහන් කරන්නේ පෘථිවිය මත අපද්‍රව්‍ය කලමනාකරණයේ මතු වන ගැටලු නිරාකරණය සඳහා නුදුරේ දී මතු වන මීළඟ පෙරගමන්කරුවන් මැස්සන් බවයි. Black soldier මැස්සන් ඇන්ටාක්ටිකාවේ හැර අන් සෑම මහාද්වීපයක ම ජීවත් වනවා. “ඔබ ළඟ කොම්පෝස්ට් බඳුනක් තිබෙනවා නම්, ඔවුන් දැනටමත් ඔබ ළඟයි.” Maselko සඳහන් කරනවා.
The Guardian ඇසුරෙනි.
සෞන්දර්ය සෙනරත්