Home Science News රිචඩ් බ්‍රැන්සන් යන්න සැරසෙන අභ්‍යවකාශ බැලූන චාරිකාව

රිචඩ් බ්‍රැන්සන් යන්න සැරසෙන අභ්‍යවකාශ බැලූන චාරිකාව

by Sathya

2021 දී අභ්‍යවකාශයට පිවිසි පළමු වැනි බිලියනපතියා වෙමින් ඉතිහාසය නිර්මාණය කළ The Virgin සම නිර්මාතෘ සර් රිචඩ් බ්‍රැන්සන් නැවත වතාවක් අභ්‍යවකාශයේ ඉම අල්ලන්නට උත්සාහ කරනවා. මෙවර ඔහු සූදානම් වන්නේ ලොව ප්‍රථම වාණිජ්‍යමය ස්තරගෝලීය බැලුමේ සම නියමුවරයෙකු ලෙස අභ්‍යවකාශගත වීමටයි.

මේ මෙහෙයුමේ දී බ්‍රැන්සන් බැලූනයක එල්ලන ලද වායුගෝලීය පීඩනය සහිත කැප්සියුලයක නැඟී සැතපුම් 20ක උන්නතාංශයකින් පියාසර කිරීමට නියමිතයි.

බ්‍රැන්සන්ට බැලූනවල නැඟී සිදු කරන වික්‍රමාන්විත චාරිකා අමුතු දෙයක් නොවෙයි. 1987 දී බැලූනයක නැඟී අත්ලාන්තික් සාගරයත්, 1991 දී පැසිෆික් සාගරය තරණය කළ ඔහු ඒ සඳහා වන ලෝක වාර්තාවට ද හිමිකම් කියනවා.

“මගේ ජීවිතයේ ලබා ඇති අතිශය සුන්දර අත්දැකීම් අත්විඳ තිබෙන්නේ බැලූන සවාරි අතරතුර දීයි. ඒ නිසා Space Perspective සමාගමේ මේ ව්‍යායාමයට උරදීමට හැකි වීම ගැන මට සතුටුයි.” සර් බ්‍රැන්සන් පවසනවා.

2025 දී සිදු වීමට නියමිත මේ මෙහෙයුමේ දී බ්‍රැන්සන් සමඟ සම නියමුවරුන් ලෙස Space Perspective සමාගමේ නිර්මාතෘවරුන් වන Jane Poynter සහ Taber MacCallum සහභාගී වීමට නියමිත ව තිබෙනවා.

මෙහෙයුම දියත් වන අවස්ථාවේ දී එය සතු අති විශාල බැලූනය හයිඩ්‍රජන් වායුවෙන් පිරවෙනු ඇති අතර එයට පහළින් සවි කර ඇති නෙප්චූන් ලෙස නම් කර ඇති කැප්සියුලය ද දරාගනිමින් එය ඉහළ යනු ඇත්තේ පැයට සැතපුම් 12ක පමණ මන්දගාමී වේගයකින්.

මේ මෙහෙයුම ගමන්ගන්නා මාර්ගයේ ම යන පරිදි නියමු රහිත බැලූන මෙයෙහුමක් ඉකුත් සැප්තැම්බර් මාසයේ දී සිදු වුණේ පරීක්ෂණ පියාසැරියක් ලෙසටයි.

“බැලූන කර්මාන්තයේ රිචඩ් තැබූ පුරෝගාමී පියවර Space Perspective තැනීමේ දී ද අපට අනුප්‍රාණයක් ම වුණා” යි සමාගමේ සම නිර්මාතෘ Poynter මෙනෙවිය සඳහන් කරනවා.

DailyMail ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

 

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications