Home Science News ඇමතුමකින් පසු ජංගම දුරකථන පුපුරා යන බවට පළ වන කටකතා අසත්‍යයි

ඇමතුමකින් පසු ජංගම දුරකථන පුපුරා යන බවට පළ වන කටකතා අසත්‍යයි

by Sathya

එක්තරා ඇමතුමක් පිළිගැනීමෙන් පසු ජංගම දුරකථනය පිපරී යන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන පුවත අසත්‍යයක් බව SLCERT (Sri Lanka Computer Emergency Readiness Team) ආයතනය නිවේදනය කරනවා. SLCERTහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චාරුක දමුණුපොළ සඳහන් කරන්නේ මෙහි සත්‍යාසත්‍යතාව විමසමින් පාර්ශ්ව ගණනාවක ඇමතුම් ලැබී ඇති බවයි. ඒ අනුව එම පුවතේ කිසිදු සත්‍යතාවක් නොමැති බව ඒ මහතා සඳහන් කරනවා.

පසුගිය දින කිහිපයේ WhatsApp මඟින් වේගයෙන් පැතිර ගිය මෙකී වීඩියෝ පණිවුඩයෙන් කියැවුණේ අංක 13න් හෝ 4න් ආරම්භ වන දුරකථන අංකයකින් එන ඇමතුම් කිසිදු අයුරකින් පිළිනොගන්නා ලෙසයි. යම් හෙයකින් ඇමතුම පිළිගෙන ප්‍රතිචාර දැක්වීම සඳහා ජංගම දුරකථනය හිසට ළං කළ වහා ම එය පිපිරී යන බවත් සිංගප්පූරුවේ සහ ඉන්දියාවේ බොහෝ පිරිසක් මේ ආකාරයේ සිදු වීමකින් මියගොස් තිබෙන බවත් ඉන් පැවසුණා. වීඩියෝ පණිවුඩය මේ බව ගැන අනතුරු අඟවන පිරිමි පුද්ගල කටහඬකින් සහ ලේ විලක් මැද හිඳ සිටින හිස සුන් පුද්ගලයෙකුගේ අතිශය සංවේදී ඡායාරූප කිහිපයකින් සමන්විත වුණා.

 

 

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications