Home Science News චීනය න්‍යෂ්ටික බලැති යුද නෞකා තැනීමට යොමු වෙයි

චීනය න්‍යෂ්ටික බලැති යුද නෞකා තැනීමට යොමු වෙයි

by Sathya

චීනය යුද ගුවන් යානා ප්‍රවාහන නෞකාවක ජව මූලාශ්‍රය ලෙස න්‍යෂ්ටික බලැති ප්‍රචාලන පද්ධතියක් අත්හදා බලමින් සිටින බව ඇමරිකානු පර්යේෂකයන් තහවුරු කරනවා. ඔවුන් තහවුරු කරගෙන ඇති පරිදි දැවැන්ත නෞතාවක ජව මූලාශ්‍රය ලෙස භාවිත කිරීමේ අරමුණින් යුතු න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයක මූලාකෘතියක් මේ වන විට එරට භූමියේ ස්ථාපනය කර පරීක්ෂණ සිදු කෙරෙමින් පවතිනවා.

Associated Press වාර්තා කරන පරිදි මේ බව සනාථ කරගෙන තිබෙන්නේ චන්ද්‍රිකා මඟින් ලබාගත් අධි විභේදන ඡායාරූප සහ බීජිං නුවර රාජ්‍ය දෙපාර්තමේන්තු අතර හුවමාරු වූ ලේඛන අධ්‍යයනය කිරීමෙන්.

චීනය මෙසේ විශාල යුද නෞකාවකට ජවය සැපයිය හැකි න්‍යෂ්ටික ප්‍රචාලන පද්ධතියක් තැනීම කෙරෙහි යුහුසුලු ව සිටින බව මුලින් ම හෙළකරගනු ලැබ තිබුණේ කැලිෆෝනියාවේ පිහිටි Middlebury Institute of International Studies හි පර්යේෂකයන් විසින්.

න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන යුද නෞකා නිෂ්පාදනය සඳහා අනෙකුත් වර්ගවල නෞකා නිපදවීමට ගත වන කාලයට සාපේක්ෂ ව වැඩි කාලයක් ගත වනවා. කෙ‌සේ නමුත් ඉන් ඉන්ධන ලබා ගැනීම සඳහා නිරන්තරයෙන් වරායකට සේන්දු වීමේ අවශ්‍යතාවය අවම වන නිසා වැඩි කලක් මුහුදේ හුදෙකලාව යාත්‍රා කිරීමෙට හැකියාව ලැබෙනවා. එසේ ම සාම්ප්‍රදායික යුද නැවක දී නම් ඉන්ධන ගබඩා කර තබා ගැනීම සඳහා වැය වන සැලකිය යුතු ඉඩ ප්‍රමාණය මෙහි දී තව තවත් අවි ආයුධ සවි කිරීම හෝ තැන්පත් කිරීම සඳහා මෙන් ම කාර්ය මණ්ඩලයේ විවිධ අවශ්‍යතා සඳහා ද යෙදවීමේ හැකියාව ලැබෙනවා. ඩඩාත් ම වැදගත් කරුණ නම් න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයෙන් නිපදවෙන අති විශාල ශක්ති ප්‍රමාණය උපයෝගී කරගෙන යුද නැව වඩාත් සවිසම්පන්න, දැවැන්ත මෙන් ම තාක්ෂණික පද්ධති අතින් සංකීර්ණ වූ තලයකට රැගෙන ඒමේ හැකියාව ලැබීමයි.

මෙතෙක් සැබෑ ලෝකයේ න්‍යෂ්ටික බලැති ගුවන් යානා ධාරක යුද නෞකා පැවතියේ ඇමරිකා එක්සත් ජනපදයට සහ ප්‍රංශයට පමණයි. ඒ අනුව චීනය තුන් වැන්නා ලෙස ඒ කණ්ඩායමට එක් වීම සඳහා කටයුතු කරමින් සිටින බව පෙනෙන්නට තිබෙනවා.

Interesting Engineering ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications