Home Science News මිලියන දස වසරක් පැරැණි කිඹුල් පැටවෙකුගේ ෆොසිලයක් සොයාගැනේ

මිලියන දස වසරක් පැරැණි කිඹුල් පැටවෙකුගේ ෆොසිලයක් සොයාගැනේ

by Sathya

පේරුහි ජාත්‍යන්තර පාෂාණධාතු කොංග්‍රසය (International Congress of Paleontology) මඟින් ප්‍රථම වතාවට කිඹුල් පැටවකුගේ පරිපූර්ණ ෆොසිලයක් ලෝකයා හමුවේ ඉදිරිපත් කිරීමට සමත් ව තිබෙනවා. වසර මිලියන 10ක් වයසැති එය සොයාගෙන ඇත්තේ 2023 වසරේ දී ඉක‌ාහි Ocucaje කාන්තාරයේ පිහිටි Pisco Formation යනුවෙන් හැඳින්වෙන භූමි ප්‍රදේශයෙන්. පාෂාණධාතු විද්‍යාඥ Mario Urbina සහ Regional Geology Directorate of Ingemmet and La Unión Collegeහි විශේෂඥයන්ගේ සහයෝගය ඇති ව එය නිරාවරණය කරගෙන තිබුණා.

ආසන්න වශයෙන් පරිපූර්ණ මේ ඇටසැකිල්ල මීටර 3ත් 4ත් අතර දිගකින් යුතු වනවා. විශේෂඥයන් පවසන්නේ වැඩුණු සතෙකුගේ ෆොසිලයක් නම් එය මීටර 9ක පමණ දිගකින් යුතු වන්නට ඉඩ තිබූ බවයි. මාධ්‍ය හමුවකට එක් වෙමින් පාෂාණධාතු විද්‍යාඥ Urbina සඳහන් කළේ එය පේරු රටෙන් නො වැඩුණු කිඹුල් ෆොසිලයක් හමු වූ ප්‍රථම අවස්ථාව බවයි.

Urbinaට අනුව මේ කිඹුල් විශේෂයට අයත් හිස සහ හණු වර්තමානයේ දැකගත හැකි කිඹුල් විශේෂවලින් සහ ඇලිගේටරයන්ගෙන් තරමක් දුරට වෙනස් වනවා. “ඔවුන් සතු ව දිගු හොම්බක් තිබී ඇති අතර මුළුමනින් ම මත්ස්‍යයන් මත යැපී තිබෙනවා. මේ විශේෂයට ළඟ ම විශේෂයක් වශයෙන් ඉන්දියානු ගැවියල් හඳුන්වා දිය හැකියි” ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

Interesting Engineering ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications