Home Science News Artemis 2 2026 දක්වා කල් යයි

Artemis 2 2026 දක්වා කල් යයි

by Sathya

ලබන වසරේ සැප්තැම්බර් මසට යෙදී තිබූ Artemis 2 මෙහෙයුම 2026 අප්‍රේල් දක්වා කල් දැමූ බව NASA ආයතනය ඉකුත් 05 වැනි දා නිවේදනය කළා. නැවත වතාවක් චන්ද්‍රයා මතට මිනිස් වර්ගයා ගෙන යාමේ පූර්ව මෙහෙයුමක් වශයෙන් ගගනගාමීන් සිව් දෙනෙකු චන්ද්‍රයා වටා ගොස් යළි පොළොවට ගෙන්වාගැනීම Artemis 2 මෙහෙයුමේ අරමුණයි. එසේ ම Apollo මෙහෙයුම්වලින් පසු පළමු වතාවට මිනිසුන් සඳ මත ගොඩබැසීමට නියමිත Artemis 3 මෙහෙයුම ද 2027 මැද දක්වා කල් දමා තිබෙනවා. එය සිදු වීමට දින නියම ව තිබුණේ 2026 අවසානයේ යි. NASA බලධාරීන් සඳහන් කරන්නේ ගගනගාමීන් රැගෙන යන Orion කැප්සියුලයේ වැඩකටයුතු අවසන් කිරීම සඳහා ප්‍රමාණවත් කාලයක් ලබා ගැනීම මේ කල් දැමීම්වල අරමුණ බවයි.

“අපේ ගගනගාමීන් ගැඹුරු අභ්‍යවකාශයට රැගෙන ගොස්, යළි පෘථිවිය වෙතට ගෙන ආ හැකි බව තහවුරු කරගැනීමට අපට, අපේ සමාගම්වලට සහ ජාත්‍යන්තර සහයෝගීතාකරුවන්ට මේ කාලය අවශ්‍යයි.”  NASA ප්‍රධානී බිල් නෙල්සන් ඉකුත් දා පැවැති මාධ්‍ය හමුවේ දී සඳහන් කළා.

Space.com ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications