Home Science News ජනවාරියේ එක ම රොකට්ටුවකින් සමාගම් දෙකක චන්ද්‍ර යානා දෙකක් අභ්‍යවකාශයට

ජනවාරියේ එක ම රොකට්ටුවකින් සමාගම් දෙකක චන්ද්‍ර යානා දෙකක් අභ්‍යවකාශයට

by Sathya

ආයතන දෙකකට අයත් ගොඩබැසුම් යානා දෙකක් ලබන ජනවාරියේ එක ම SpaceX රොකට්ටුවකින් අභ්‍යවකාශගත වීමට නියමිතයි.

පසුගිය 17 වැනි දා ජපානයේ ispace සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඔවුන්ගේ දෙවැනි චන්ද්‍ර මෙහෙයුම අභ්‍යවකාශගත වනු ඇත්තේ ටෙක්සාස්හි Firefly Aerospace සමාගමේ Blue Ghost චන්ද්‍ර ලෑන්ඩරය අභ්‍යවකාශගත කෙරෙන Falcon 9 රොකට්ටුවෙන් ම බවයි.

ෆ්ලෝරීඩාවේ Space Coast කලාපයේ සිට මේ රොකට්ටුව දියත් වනු ඇත්තේ 2025 ජනවාරියේ මැද දිනකයි.

ispace සමාගමේ පළමු චන්ද්‍ර ගොඩබැසුම් උත්සාහය ව්‍යර්ථ වූයේ 2023 අප්‍රේල් මාසයේ සඳ වෙත ළඟා වූ සිය Hakuto-R ලෑන්ඩරය සඳ මතට කඩා වැටීමත් සමඟයි. එහි වූ උන්නතාංශ සංවේදකයේ දෝෂයක් අනතුරට හේතුව වී තිබුණා.

ලබන මස සඳ වෙත ගමන් ඇරඹීමට නියමිත දෙවැනි ispace මෙහෙයුමේ ලෑන්ඩරය නම් කර ඇත්තේ Resilience ලෙසයි. Mare Frigoris හෙවත් ‘සීතල මුහුද’ ලෙස හැඳින්වෙන චන්ද්‍ර සමකයෙන් අංශක 60.5ක් උතුරින් පිහිටා ඇති තද පාෂාණමය ස්තරයක් සහිත දැවැන්ත තැනිතලා බිම මතට එය ගොඩබැසීමට නියමිතයි.

Space.com ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications