Home Science News 2024 වාර්තාගත උණුසුම් ම වසර බව තායිවානය කියයි

2024 වාර්තාගත උණුසුම් ම වසර බව තායිවානය කියයි

by Sathya

වසර 127ක වාර්තාගත කාලය තුළ තම රට මුහුණ පෑ උණුසුමින් අධික ම වසර 2024 බව තායිවාන බලධාරීන් පසුගිය දා නිවේදනය කළා. ඒ මුළු ලෝකයට ම මුහුණ දීමට සිදු වූ උණුසුම් දේශගුණ තත්ත්වයේ බරපතළ ස්වභාවය තවදුරටත් සනාථ කරමින්.

දේශගුණ විපර්යාසය නිසා හටගත් ප්‍රචණ්ඩ කාලගුණ තත්ත්වයන් සහ අධික උෂ්ණත්වය 2024 වසර තුළ අන් කවරදාකටත් වඩා කැපී පෙනුණා. මේ තත්ත්වයන් නිසා හටගත් ස්වාභාවික අනතුරු ඩොලර් බිලියන ගණනක අලාභ හානි සිදු කරනු ලැබුවා.

පසුගිය ඉරිදා වන විට තායිවානය මුහුණ දෙමින් සිටි සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 24.97ක් ව පැවතියා. මින් පෙර එරට මුහුණ දුන් වැඩිම උෂ්ණත්වය 2020 වසරේ දී වාර්තා වී තිබූ අතර, සෙල්සියස් අංශක 24.91ක සාමාන්‍ය උෂ්ණත්වයක් එවක වාර්තා වී තිබූ බව එරට මධ්‍යම කාලගුණ පාලනාධිකාරිය (Central Weather
Administration) නිවේදනය කරනවා.

ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ 1897 වසරේ සිට තැබෙන වාර්තා අතුරින් මෙතෙක් වැඩි ම උෂ්ණත්වය වාර්තා කළ වසර ලෙස 2024 ඉතිහාසයට එක් වන බවයි. කෙසේ නමුත් ඉදිරි මාස දෙකක කාලය තුළ උෂ්ණත්වය සාපේක්ෂ වශයෙන් පහළ යනු ඇති බව අපේක්ෂා කෙරෙනවා.

එරට පරිසර අමාත්‍ය Peng Chi-ming පවසන්නේ මේ දශකය අවසන් වන්නට පෙර එරට හරිතාගාර වායු විමෝචනය 30%කින් අඩු කිරීම ඉලක්කය වී ඇති බවයි. නව වසරේ සංවර්ධනය කෙරෙන මුහුදු සුළං බලාගාර සහ අනෙකුත් පුනර්ජනනීය බලශක්ති උත්පාදන ක්‍රම භාවිතයෙන් මේ ඉලක්කය සපුරාගත හැකි වේ යැ යි බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

Phys.org ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications