Home Science News කෙන්යාවේ ගමකට වැටුණු අභ්‍යවකාශ සුන්බුන් කොටස

කෙන්යාවේ ගමකට වැටුණු අභ්‍යවකාශ සුන්බුන් කොටස

by Sathya

පසුගිය දෙසැම්බර් 30 වැනි දා කෙන්යාවේ ග්‍රාමයකට ඇද වැටුණු අභ්‍යවකාශ සුන්බුන් කොටසක් පිළිබඳ විමර්ශන අරඹා ඇති බව එරට අභ්‍යවකාශ නියෝජිතායතනය සඳහන් කරනවා.

කෙන්යානු අභ්‍යවකාශ නියෝජිතායතනය (KSA) ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ එය “අභ්‍යකාශ වස්තුවකට අයත් කොටසක්” බව හඳුනාගැනුණු බවයි.

කෙන්යාවේ දකුණුදිග ප්‍රදේශයට අයත් Makueni කවුන්ටියේ පිහිටි Mukuku නම් පිටිසර ග්‍රාමයට ඇදවැටුණු ලෝහමය වළල්ලක හැඩයෙන් යුතු මේ වස්තුව මීටර 2.5ක විෂ්කම්භයකිනුත්, කිලෝග්‍රෑම් 500ක පමණ බරකිනුත් යුතු වනවා. මේ වන විට එය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා KSA භාරයට ගෙන තිබෙනවා.

KSA වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙය රොකට්ටුවක අදියර දෙකක් වෙන් වීමේ ස්ථානයේ පිහිටා තිබූ මුදුවක් වීමට වැඩි ඉඩකඩක් පවතින බව නිරීක්ෂණය වන බවයි.

Kenya Broadcasting Corporation නාලිකාව වෙත අදහස් දක්වමින් Mbooni අනු කවුන්ටියේ පොලිස් කමාන්ඩර්වරයා වන Julius Rotich පවසා තිබුණේ ඉකුත් සඳුදා අදාළ ස්ථානය විට පොලිස් කණ්ඩායම ළඟා වන විටත් එය උණුසුම් ව පැවති බවයි. එය සිසිල් වන තුරු නරඹන්නට පැමිණෙන්නන් ඉවත් කර තැබුණු බව ඔහු පවසා සිටියා.

CNN ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

 

 

 

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications