Home Science News CES 2025 ඇරඹේ

CES 2025 ඇරඹේ

by Sathya

ඇමරිකාවේ Consumer Technology Association (CTA) විසින් පවත්වනු ලබන වසරේ දැවැන්තම නවෝත්පාදන සහ සංකල්ප ප්‍රදර්ශනය වන Consumer Electronics Show හෙවත් CES 2025 ප්‍රදර්ශනය ලාස් වේගාස්හි අද මහජනයා වෙත විවෘත වනවා.

අද දින (07) සිට 10 වැනි දා දක්වා මහජනතාවට එය විවෘත ව පවතින අතර ලොවපුරා තාක්ෂණ සමාගම්, නිර්මාණකරුවන් අතිවිශාල සංඛ්‍යාවකගේ නිපැයුම් එයට එක් කර තිබෙනවා.

CTAහි ප්‍රධාන විධායක නිලධාරී Gary Shapiro පවසන පරිදි මෙවර ප්‍රදර්ශනය සඳහා සමාගම් 4500කට අධික සංඛ්‍යාවක් සහභාගී වී ඇති බවයි. අලුතෙන් අරඹන ලද තාක්ෂණ සමාගම් 1400ක් පමණ ද ඒ අතර වන බව ඔහු සඳහන් කරනවා.

“නරඹන්නට පැමිණෙන්නන් හට කෘත්‍රිම බුද්ධිය, ඩිජිටල් සෞඛ්‍යය, තිරසර තාක්ෂණය යන පැතිකඩ ස්පර්ෂ කළ අද්විතීය ප්‍රදර්ශනයක් දැකබලා ගැනීමට හැකි වනු ඇති.” Shapiro පවසනවා.

ජනක කෘත්‍රිම බුද්ධිය (generative AI) මෙවර ප්‍රදර්ශනයේ සැලකිය යුතු වපසරියක් අත්පත් කරගන්නා තේමාව වනු ඇති බවට අදහස් පළ වනවා.

Interesting Engineering ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

 

 

 

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications