Home Science News රියැදුරෙකු නැති චීන ශටල බස් රිය සූරිච් ගුවන්තොටේ වැඩ අරඹයි

රියැදුරෙකු නැති චීන ශටල බස් රිය සූරිච් ගුවන්තොටේ වැඩ අරඹයි

by Sathya

ස්විට්සර්ලන්තයේ සූරිච් ගුවන්තොටුපොළ අභ්‍යන්තරයේ ප්‍රවාහන කටයුතු සඳහා නවතම ශටල් බස් සේවයක් හඳුන්වා දීමට යනවා. විශේෂත්වය වන්නේ මේ ශටල බස් ස්වයංක්‍රීය ව ගමනාගමනයේ යෙදීමයි. යුරෝපානු රටක ඇති ගුවන්තොටුපොළක් මඟී ප්‍රවාහනය සඳහා ස්වයං ධාවන ශටල ව්‍යාපෘතියක් දියත් කළ ප්‍රථම අවස්ථාව වන්නේ ද මෙයයි.

චීන සමාගමක් වන WeRide විසින් නිමවා ඇති මේ ශටල බස් රථ මාදිලිය Robobus යනුවෙන් හැඳින්වෙනවා. එක් රථයකින් මඟීන් නව දෙනෙකුට ගමන් කළ හැකියි.

කෙසේ නමුත් නියමු ව්‍යාපෘතියක් ලෙස ඇරඹී ඇති මෙයින් තවමත් ගුවන් යානා වෙත මඟීන් රැගෙන යාම හෝ රැගෙන ඒම සිදු වන්නේ නැහැ. දැනට සූරිච් ගුවන්තොටුපොළ Robobus රථ යොදා ගන්නේ සිය සේවකයන් ප්‍රවාහනය කිරීමටයි. ඒ අනුව මේ වසරේ මුල් කාර්තුව ඇතුළත, සේවක මහත්ම මහත්මීන් සඳහා වෙන්කර ඇති 101 වැනි ගේට්ටුව අසල සිට 130 වැනි ගේට්ටුව අසල ඇති නඩත්තු කලාපය වෙත ශටල බස් රථ ධාවනය අරඹන බව WeRide සමාගම සඳහන් කරනවා.

WeRide විසින් Robobus රථය හඳුන්වා දෙනු ලැබුණේ ස්විට්සර්ලන්තයේ Flughafen Zürich AG සහ Swiss Transit Lab (STL) හි ද සහයෝගය ඇතිවයි. යුරෝපානු පියාසර ක්ෂේත්‍රයේ අභ්‍යන්තර ප්‍රවාහන මාර්ග ස්වංක්‍රීයකරණය කිරීම ඔවුන්ගේ එක් අරමුණක් ව පැවතියා.

WeRide සමාගම පවසන්නේ L4 Robobus රථය මහජන සේවය පිණිස යෙදවීම සඳහා මහා පරිමාණයෙන් නිෂ්පාදනය වන මුල් ම රියැදුරු රහිත බස් රථය බවයි.

Interesting Engineering ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications