Home Science News ටොයෝටා සමාගමත් අභ්‍යවකාශ තරගයට

ටොයෝටා සමාගමත් අභ්‍යවකාශ තරගයට

by Sathya

පසුගිය දා අවසන් වූ CES 2025 ප්‍රදර්ශනයේ දී අභ්‍යවකාශ තරගය සඳහා සුප්‍රසිද්ධ මෝටර් රථ නිෂ්පාදන සන්නාමයක් වන Toyota ද එක් වන බව නිවේදනය කෙරුණා.

ඔවුන් මෙලෙස අභ්‍යවකාශ තාක්ෂණ⁣ ක්ෂේත්‍රයට පා තබා ඇත්තේ Interstellar Technologies නමැති අලුත ආරම්භ වූ ජපාන සමාගමට ඩොලර් මිලියන 44.4ක් ආයෝජනය කරමින්.

Toyota සමාගමේ අනු සමාගමක් වන Woven හරහා ඇති කරගෙන ඇති මේ සහයෝගීතාව මඟින් රොකට් තාක්ෂණ⁣යේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකි වනු ඇති බව ඔවුන් විශ්වාස කරනවා. දශක ගණනක් තිස්සේ සනාථ කර තිබෙන Toyota සතු සැපයුම් දාම කළමනාකරණ කුසලතාවය උපයෝගී කරගෙන බොහෝ දෙනාට ප්‍රවේශ විය හැකි මෙන් ම අඩු වියදමකින් යුතු චන්ද්‍රිකා අභ්‍යවකාශගත කිරීම් සිදු කළ හැකි වෙතැ යි බලාපොරොත්තු වනවා.

Toyota සමාගම විසින් නුදුරේ දී ෆුජි ගිනිකන්ද අසල ඉදිකිරීමට බලාපොරොත්තුවෙන් සිටින අනාගතවාදී මූලාකෘති නගරය වන Woven City නගරය Interstellar සමාගමේ අභ්‍යවකාශ පාදක අන්තර්ජාල පහසුකම්වලින් සමන්විත වනු ඇති බව ද පැවසෙනවා. SpaceX හි Starlink මෙන් Toyota සමාගම ද ස්වකීය අන්තර්ජාල සබඳතා සපුරාලිය හැකි චන්ද්‍රිකා පොකුරක් දියත් කරනු ඇති බවට ද උපකල්පන පවතිනවා.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications