ඇමරිකාවේ ආහාර සහ ඖෂධ පාලනාධිකාරිය හෙවත් Food and Drug Administration (FDA) විසින් එරට නිෂ්පාදනය වන ආහාර සහ පාන වර්ග සඳහා දීර්ඝ කාලයක් තිස්සේ භාවිතයට ගැනුණු රතු පැහැති වර්ණකාරකයක් වන Red No. 3 තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා.
විද්‍යාගාරය සතුන් යොදාගනිමින් සිදු කළ පරීක්ෂණවල දී පෙනී ගොස් තිබුණේ මෙකී කෘත්‍රිම වර්ණකය පිළිකාකාරකයක් ලෙස ක්‍රියාකාරන බවයි. ඒ අනුව දශක ගණනක් තිස්සේ එය තහනම් විය යුතු බවට කතිකාවක් ගොඩනැඟී තිබුණා.
ඇමරිකාවේ එය තහනම් බවට නිවේදනය කරනු ලැබුණේ ඊයේ දිනයේ වුවත්, යුරෝපය එය තහනම් කළේ අදින් දශක තුනකට පෙරයි.
මෙය ශරීර ආලේපන සඳහා යොදාගැනීම මින් පෙර තහනම් කර තිබුණත් මේ වන තුරු ම රසකැවිලි, ධාන්‍ය නිෂ්පාදන සහ පාන වර්ග සඳහා යොදා ගැනීම නීතියෙන් තහනම් කර තිබුණේ නැහැ. වර්තා පෙන්වා දෙන්නේ ඇමරිකාව පුරා අළෙවි වන ආහාර නිෂ්පාදන 9,200ක පමණ Red No. 3 අඩංගු ව පැවති බවයි.
නීති සම්පාදකයන් සහ දැනුම්වත් කිරීමේ සමාජ කණ්ඩයම් මෙකී තහනම පැණවීම කෙරෙහි පුරෝගාමී මෙහෙවරක් ඉටු කළා.
Center for Science in Public Interest හි ආචාර්ය Peter Lurie ඇතුළු විද්වතුන් රැසක් 1990 සිට හඬ නැඟුවේ විලේපන ආදිය සඳහා තහනම් කළ කෘත්‍රිම රසායනිකයක් ආහාර සඳහා යොදාගැනීමට අවසර ලබා දී තිබීම විරුද්ධාභාෂයක් බවයි.
නව නීතියට අනුව සමාගම්වලට සිය නිෂ්පාදනවල වට්ටෝරු ප්‍රතිසූත්‍රගත කිරීමට 2027 ජනවාරිය තෙක් සහන කාලයක් ලබා දී තිබෙනවා.
සෞන්දර්ය සෙනරත්