Home Science News චීනය සඳට රොබෝ හොපරයක් යැවීමට සැරසෙයි

චීනය සඳට රොබෝ හොපරයක් යැවීමට සැරසෙයි

by Sathya

චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවයේ තිබෙන ජලය සෙවීම සඳහා චීනය මීළඟට යොදාගැනීමට යන්නේ පියාඹන රොබෝ යානයක් බව පසුගිය දා වාර්තා කෙරුණා. South China Morning Post පසුගිය දා වාර්තා කළේ මීළඟ Chang’e මෙහෙයුම වන Chang’e-7 ‘පියාඹනු සුහුරු අනාවරකය’කින් ද මන්විත වනු ඇති බවයි.

ජල සාම්පල විශ්ලේෂණය කිරීමේ හැකියාවෙන් යුතු මේ ‘හොපරයේ’ අරමුණ වන්නේ චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවයේ පිහිටා ඇති සදාකාලික අන්ධකාරයක ගිලී පවතින ආවාට පත්ලවල අයිස් බවට පත් වූ ජලය ඇතැ යි උපකල්පනය කෙරෙන පෙදෙස් සැබැවින් ම ජලය සහිත ද යන්න සනාථ කර ගැනීමයි.

චීනය Chang’e-7 ලබන වසරේ දියත් කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. එය චීනයේ ප්‍රමුඛ අරමුණක් වන 2030 වන විට මිනිසුන් සඳ මතට යැවීමේ ඉලක්කයේ එක් සංධිස්ථානයක් වනු ඇති බව විශ්වාස කෙරෙනවා.

චීනය සඳේ දක්ෂිණ ධ්‍රැවයේ අයිස් සෙවීම සඳහා මෙතරම් උනන්දුවකින් පසුවන්නේ අනාගතයේ ඉදිකිරීමට සැලසුම් කර ඇති චන්ද්‍ර ජනාවාසවල පාවිච්චිය සඳහා ඒවා යොදාගැනීමට හැකියාවක් තිබේ ද යන්න සොයාබැලීම සඳහායි. පානීය ජලය නිපදවීම, ඔක්සිජන් නිපදවීම හා රොකට් ඉන්ධන නිෂ්පාදනය යන පැතිකඩ කිහිපයකින් ම චන්ද්‍රයාගේ අයිස් අතිශය වැදගත් කාර්යභාරයක් ඉටුකරනු ඇතැ යි අභ්‍යවකාශ විශේෂඥවන් අනාවැකි පළ කර තිබෙනවා.

Interesting Engineering ඇසුරෙනි.
සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications