Home Science News වූලි මැමත්ගේ පුනරාගමනය අතරතුර ‘වූලි මවුස්’ බිහිවෙයි

වූලි මැමත්ගේ පුනරාගමනය අතරතුර ‘වූලි මවුස්’ බිහිවෙයි

by Sathya

ජාන තාක්ෂණය ඔස්සේ වූලි මැමත් යළි බිහි කිරීමට වෙහෙසෙමින් සිටින Colossal Biosciences සමාගම වූලි මවුස් නමැති නව ජීව විශේෂයක් බිහිකර තිබෙනවා. සමාගම සඳහන් කරන්නේ වූලි මැමත්ගේ පුනරාගමනය සඳහා මේ වූලි මවුස් මීයන් ද ලබා දෙන දායකත්වය නො මඳ බවයි.

Colossal Biosciences විද්‍යාඥයන් මේ වන විට කටයුතු කරමින් සිටින්නේ ආසියාතික අලින්ගේ ජාන, වූලි මැමත්ගේ ජාන ලක්ෂණ සමඟ මුහු කරීමටයි. 2028 දී පළමු වූලි මැමත් පැටවා බිහි කළ හැකි වනු ඇතැ යි ඔවුන් බලාපොරොත්තු වනවා.

Collossalහි ප්‍රධාන විධායක නිලධාරී මෙන් ම සම-නිර්මාතෘ Ben Lamm සඳහන් කරන්නේ, සිය පර්යේෂණ කණ්ඩායම ප්‍රාග් ඓතිහාසික යුගයේ විසූ මැමතුන්ගේ ජීනෝමය ආසියානු අලින්ගේ ජීනෝමය සමඟ ගළපමින් ඒවායේ වෙනස්කම් හඳුනාගනිමින්, සංස්කරණ කටයුතු අරඹා ඇති බවයි.

සමාගම පෙන්වා දෙන පරිදි ඔවුන් මෙතෙක් ලබාගත් දැනුම උපයෝගී කරගනිමින් වූලි මැමත්ගේ මෙන් ලෝම සහිත මීයන් බිහි කිරීමට සමත් ව සිටිනවා. “මේකෙන් කිසි දෙයක් වේගවත් වන්නේ නැති වුණත්, ඒක අපි යන පාර හරි බව සනාථ කරන යෝධ සලකුණක්” Lamm පවසනවා.

The Guardian ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications