Home Science News Spherex අභ්‍යවකාශයට

Spherex අභ්‍යවකාශයට

by Sathya

NASA අයතනය විසින් යැවෙන නවතම දුරේක්ෂය වන Spherex (Spectro-Photometer for the History of the Universe, Epoch of Reionization and Ices Explorer) ඊයේ දිනයේ (12) අභ්‍යවකාශගත කෙරුණා. ඒ එහි දියත් කි⁣රීමේ මෙහෙයුම කිහිපවතාවක් ම කල්දැමීමෙන් පසුවයි.

කැලිෆෝනියාවේ වැන්ඩන්බර්ග් අභ්‍යවකාශ දියත් කිරීම් මධ්‍යස්ථානයේ සිට දියත් වූ SpaceX Falcon 9 රොකට්ටුවක් ආධාරයෙන් දියත් වූ මෙහෙයුමට සමගාමී ව එම රොකට්ටුව ම හවුලේ භාවිත කරමින් තවත් මෙහෙයුමක් අභ්‍යවකාශගත වුණා. ඒ සූර්යයා අධ්‍යයනය කිරීම අරමුණු කරගත් චන්ද්‍රිකා හතරකින් යුතු PUNCH (Polarimeter to Unify the Corona and Heliosphere) චන්ද්‍රිකා පද්ධතියයි.

මෙහෙයුම් ද්විත්වය එක ම රොකට්ටුවකින් අභ්‍යවකාශගත කෙරුණේ ඒ සඳහා වැය වන මුදල කාර්යක්ෂම ව කළමනාකරණය කරගැනීම සඳහා NASA ගත් පියවරක් වශයෙනුයි.

ඇ.ඩො. මිලියන 488ක පිරිවැයක් දරා සිදුකෙරෙන Spherex මෙහෙයුම වසර බිලියන ගණනක් තිස්⁣සේ චක්‍රාවාට තැනෙන්⁣නේ සහ පරිණාමය වන්නේ කෙසේ ද යන්න සෙවීම සඳහා උපකාරීවනවා.

කේතු ආකාර හැඩයකින් යුතු වන සේ නිමවා ඇති Spherex බරින් කිලෝග්‍රෑම් 500ක් වනවා. මාස හයක කාලය තුළ එය දර්ශනය වන සමස්ත අහස ම සිය අධෝරක්ත කැමරාව ආධාරයෙන් සිතියම්ගත කිරීමට නියමිතයි. ඉදිරි වසර දෙකක කාලය තුළ පරිපූර්ණ අහස් ආවේක්ෂණ හතරක් සිදු කිරීම ද මෙහි ඇති අරමුණක්.

කෙසේ නමුත් විද්‍යාඥයන් සඳහන් කරන්නේ ජේම්ස් වෙබ්, හබල් වැනි දුරේක්ෂවලින් ලබාගාන්නා විශ්වයේ ඡායාරූප මෙන් Spherex මඟින් ලබාගැනෙන ඡායාරූප සුපැහැදිලි සහ දර්ශනීය නො වන්නට ඉඩ ඇති බවයි. එයට හේතුව වන්⁣නේ එය යම් චක්‍රාවාටයකට අවධානය යොමු කොට එහි දර්ශනීය ඡායාරූප ගනු වෙනුවට ඉන් නිකුත් වන දීප්තිය ග්‍රහණය කරගැනීම සඳහා වැඩි අවධානයක් යොමු කරන බැවින්.

The Guardian ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications