Home Science News චීන අභ්‍යවකාශ නැවතුම්පොළට යන පළමු විදෙස් ගගනගාමියා පාකිස්තාන ජාතිකයෙක්

චීන අභ්‍යවකාශ නැවතුම්පොළට යන පළමු විදෙස් ගගනගාමියා පාකිස්තාන ජාතිකයෙක්

by Sathya

 

චීනය සතු ටියැන්ගොංග් අභ්‍යවකාශ නැවතුම්පොළ වෙත පිවිසෙන පළමු විදෙස් ගගනගාමියා පාකිස්තාන ජාතිකයෙකු වනු ඇති බවට තොරතුරු වාර්තා වනවා.

තවමත් මේ සඳහා අභ්‍යවකාශගත කෙරෙන පාකිස්තාන ගගනගාමියා තෝරා පත්කරගෙන නැතත්, මේ තීරණයත් සමඟින් බෙයිංජිං හා ඉස්ලමාබාද් අතර රාජතාන්ත්‍රික සබඳතා තවදුරටත් තර වනු ඇති බවට විශ්වාස කෙරෙනවා. පසුගිය වසරේ චීනයේ Chang’e-6 මෙහෙයුමෙන් සඳ වෙත රැගෙන ගිය අයබර අතර පාකිස්තානයේ ක්ෂුද්‍ර චන්ද්‍රිකාවක් ද අඩංගු ව තිබුණා.

මේ වන විට එක් රටකට අයත් අභ්‍යවකාශ නැවතුම්පොළක් ලෙස පවතින්නේ චීනයට අයත් ටියැන්ගොංග් අභ්‍යවකාශ නැවතුම්පොළයි. 2021 සිට එය සක්‍රීය භාවිතය සඳහා යොදාගැනෙන අතර, මේ දක්වා ම එහි රැඳී සිට ඇත්තේ චීන ජාතික ගගනගාමීන් පමණයි.

මෙකී යෝජිත මෙහෙයුම චීන අභ්‍යවකාශ නැවතුම්පොළ ජාත්‍යන්තරකරණයට ලක් කිරීමේ කැපී පෙනෙන සංධිස්ථානයක් වනු ඇති බව හොංකොං විශ්වවිද්‍යාලයේ ⁣මහාචාර්ය, භෞතික විද්‍යාඥ ක්වෙන්ටින් පාකර් (Quentin Parker) සඳහන් කරනවා. “ඔබ යමක් ජාත්‍යන්තරකරණය කළ විට, දළ කොටස්වලට වඩා විශාල යමක් ඔබ වටා නිර්මාණය වනවා. අභ්‍යවකාශ මධ්‍යස්ථානය ජාත්‍යන්තරකරණය කිරීමේ යථාර්ථය එයයි.” ඔහු පවසනවා.

ඉකුත් බදාදා පැවැති මාධ්‍ය හමුවක දී චීනයේ නියමු අභ්‍යවකාශ ඒජන්සිය නිවේදනය කළේ තෝරාගනු ලබන පාකිස්තාන ජාතික ගගනගාමියා අයබර විශේෂඥයෙකු (payload specialist) වනු ඇති බවයි. ඔහු පාකිස්ථානය නියෝජනය කරමින් දෛනික කටයුතු සහ විද්‍යාත්මක අත්හදාබැලීම් සිදුකරනු ඇති බවයි එහි දී වැඩිදුරටත් සඳහන් කෙරුණේ.

CNN ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications