Home Science News බාසිලෝනාවේ කැණීමකින් මධ්‍යසතන යුගයේ යාත්‍රාවක් සොයාගැනේ

බාසිලෝනාවේ කැණීමකින් මධ්‍යසතන යුගයේ යාත්‍රාවක් සොයාගැනේ

by Sathya

බාසිලෝනාහි ඉපැරැණි මත්ස්‍ය වෙළෙඳපොළක් පිහිටා තිබූ ස්ථානයක කරන ලද කැණීමකින් මධ්‍යතන යුගයට අයත් බෝට්ටුවක කොටස් සොයාගැනීමට පුරාවිද්‍යාඥයන් සමත් ව සිටිනවා. එය අදින් වසර 500ත් 600ත් අතර කාලයක මුහුද විසින් ගිලගනු ලැබ ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.

ජෛවවිද්‍යාත්මක සහ ජෛවවිවිධත්වය වෙනුවෙන් වෙන් වුණු නව මධ්‍යස්ථානයක් ඉදිකිරීමේ අරමුණින් අදාළ ප්‍රදේශය මේ වන විට හෑරීමට ලක්වෙමින් තිබෙන අතර මෙවැනි කුතුහලය දනවන රසවත් පුරාවිද්‍යාත්මක නෂ්ටාවශේෂ කොටස් කිහිපයක් ම හමු වී තිබුණා. ඒ අතර ස්පාඤ්ඤ සිවිල් යුද සමයේ භාවිතයට ගැනුණු ගුවන් අනතුරු ආරක්ෂණ නිවස්නයක කොටස් සහ 18 වැනි සියවසට අයත් වෙළෙඳපොළක කොටස් හමු වී තිබුණා.

නමුත් මේ මස මුල දී විශාල යාත්‍රාවක පසු භාගයක් සොයාගැනීමට පුරාවිද්‍යාඥයන් සමත් වී තිබුණා. ඔවුන් විශ්වාස කරන්නේ මෙය 15 වැනි හෝ 16 වැනි සියවසේ දී, බාසිලෝනාවේ මෙකී ප්‍රදේශය සාගර ජලයෙන් යට වී පැවති සමයේ කුණාටුවකට හසු ව ගිලී යන්නට ඇති යාත්‍රාවක කොටස් බවයි.

මීටර 10ක දිගකින් යුතු, මීටර 3ක පළලකින් යුතු හා දැවමුවා හරස් පටි 30කින් ද සමන්විත මේ විශාල න්ෂ්ටාවශේෂ කොටස සොයාගෙන ඇත්තේ මුහුදු මට්ටමේ සිට මීටර 5ක් ගැඹුරින්. යකඩ සහ දැවමය ඇණවලින් යාත්‍රාවේ ව්‍යුහාත්මක ස්වභායය පවත්වාගෙන තිබෙනවා. 15 වැනි සියවසේ සිට පැවති මධ්‍යතන යුගයේ යාත්‍රා මේ ඉදිකිරීම් ශෛලියෙන් යුතු බව සොයාගෙන තිබෙනවා.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications