Amazon සමාගම විසින් අන්තර්ජාල සැපයුම් සේවා සඳහා යැවෙන පළමු චන්ද්‍රිකා සමූහය පසුගිය සඳුදා උඩුගුවන්ගත කෙරුණා. ඒ මේ වන විට අභ්‍යවකාශ පාදක අන්තර්ජාල සැපයුම්කරණයේ ප්‍රමුඛයා ලෙස සිටින SpaceX සමාගමේ Starlink ට මුහුණදීමට සිදුවන නවතම තරගකරුවා බවට පත්වෙමින්.
Project Kuiper යනුවෙන් නම් කර ඇති මේ ව්‍යාපෘතියට අයත් පළමු ක්ෂුද්‍ර චන්ද්‍රිකා 27 උඩුගුවන්ගත කෙරුණේ United Launch Allianceහි Atlas V රොකට්ටුවක ආධාරයෙන්. කක්ෂයේ දී මුදාහැරීමෙන් පසු චන්ද්‍රිකා සියල්ල ක්‍රමික ව කිලෝමීටර 630ක් දක්වා ඉහළ උන්නතාංශයකට ගමන් කිරීමට නියමිතයි.
2023 දී Atlas V රොකටයක ආධාරයෙන් ව්‍යාපෘතියට අයත් අත්හදාබැලීම් චන්ද්‍රිකා දෙකක් උඩුගුවන්ගත කෙරුණු අතර, ව්‍යාපෘති නිලධාරීන් සඳහන් කර ඇත්තේ ඉකුත් දා යවන ලද චන්ද්‍රිකා 27 පෙරට වඩා උසස් තත්ත්වයෙන් නිමවා ඇති බවයි. තාරකා විද්‍යාඥයන්ගේ නිරීක්ෂණවලට බාධාවක් නොවන පරිදි පතිත වන සූර්යාලෝකය විසුරුවා හැරීමට මේ චන්ද්‍රිකා වටා වීදුරුමය පටලයක් ද ආලේප කර තිබෙනවා.
Blue Origin අභ්‍යවකාශ සමාගමේ ද හිමිකරුවා වන ජෙෆ් බෙසෝස් අදහස් කරගෙන සිටින්නේ මෙවැනි චන්ද්‍රිකා 3,200කට අධික ප්‍රමාණයක් අභ්‍යවකාශය වෙත මුදාහැරීමටයි.
සෞන්දර්ය සෙනරත්