Home Science News ලොව වයස්ගත ම පුද්ගලයාට හිමි වාර්තාව අලුත් වෙයි

ලොව වයස්ගත ම පුද්ගලයාට හිමි වාර්තාව අලුත් වෙයි

by Sathya

දිගු ජීවිතයක රහස තමා කැමති දේ කිරීම බව පසුගිය දා ලොව වයස්ගත ම පුද්ගලයාට හිමි වාර්තාව දිනාගත් බ්‍රිතාන්‍ය ජාතික Ethel Caterham පවසනවා. 1909 දී උපන් ඇය, බ්‍රිතාන්‍යයේ රජ කළ හත් වැනි එඩ්වඩ් රජුගේ යුගය සියැසින් දුටු, මේ වන විට ජීවතුන් අතර සිටින එක ම යටත්වැසියා ද වනවා.

ලොව වයස්ගත ම පුද්ගලයා ලෙස සැලකුණු බ්‍රසීල ජාතික කන්‍යා සොහොයුරියක වූ Inah Canabarro Lucas අවුරුදු 116ක් ආයු වළඳා ඉකුත් අප්‍රේල් 30 දා අභාවප්‍රාප්ත වුුුණා. Ethel Caterham ලොව වයස්ගත ම පුද්ගලයා ලෙස වාර්තා අතරට පැමිණියේ ඉන් අනතුරුවයි.

සරේහි ලයිට්වෝටර් ප්‍රදේශයේ ජීවත් වන Caterham, 2020 වසරේ දී BBC රේඩියෝව වෙත පවසා තිබුණේ තමන් ප්‍රිය කරන දේ කිරීම සිය දිගු දිවියේ රහස බවයි. “මම මේ දක්වා පැමිණි මඟේ උස් තැන්, පහත් තැන් සම ව දරාගත්තා. කිසිවෙකු සමඟ අඬදබර කරගත්තේ නෑ. කැමති දේට සවන් දුන්නා. කැමති දේ කළා.” ඇය පවසා තිබුණා.

ලොව වයස්ගත ම පුද්ගලයා ලෙස ඇය නම් කරනු ලැබුවේ අදාළ ⁣විෂයය සම්බන්ධයෙන් වාර්තා තබාගන්නා LongeviQuest සහ ගිනස් ලෝක වාර්තා සඳහා වයස සත්‍යාපනය කරගන්නා Gerontology Research Group පර්යේෂණ කණ්ඩායමේ අනුමැතිය සහිතවයි.

⁣The Guardian ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

 

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications