Home Science News අදින් වසර මිලියන 500කට පෙර විසූ ඇස් තුනේ විලෝපිකයා

අදින් වසර මිලියන 500කට පෙර විසූ ඇස් තුනේ විලෝපිකයා

by Sathya

අදින් වසර මිලියන 500කට පෙර සාගරයේ වාසය කළ ඇස් තුනක් හිමි රේඩියෝඩොන්ටාවෙකු සොයාගන්නට කැනේඩියානු පාෂාණධාතුවේදීන් සමත් ව සිටිනවා.

නවතම ප්‍රකාශිත අධ්‍යයනයකට අනුව මේ වඳ ව ගිය රේඩියෝඩොන්ටාවා සොයාගෙන තිබෙන්නේ කැනඩාවේ, බ්‍රිටිශ් කොලොම්බියාහි පිහිටි රොකී කඳු උද්‍යාන⁣ය ආශ්‍රිත ව පිහිටි Burgess Shale නමින් යුතු පොසිල බහුල ව හමු වන ප්‍රදේශයෙන්. එය සොයාගනු ලැබ ඇත්තේ මැනිටෝබා කෞතුකාගාරය සහ රාජකීය ඔන්ටාරියෝ කෞතුකාගාරයේ සේවය කරන පාෂාණධාතුවේදීන් විසින්.

1975 සිට අධ්‍යයනයට ලක් වී ඇති මේ රේඩියෝඩොන්ටා විශේෂ පරිණාමීය ගසේ මුල් කාලයේ විසූ ආත්‍රපෝඩාවන් කාණ්ඩයකට අයත් වනවා. කෙසේ නමුත් මෙහි දී විද්‍යාඥයන් සොයාගෙන ඇති Mosura fentoni නිදර්ශකය ඒ සියලු සොයාගැනීම් අතරින් සුවිශේෂ ලෙස කැපී පෙනෙනවා.

ඇස් තුනක් සහිත මේ ආත්‍රපෝඩාවා සිය සිරුරේ දෙපසින් පිහිටි දබරැඟිල්ලක විශාලත්වයෙන් යුතු වරල් උපයෝගී කරගෙන පිහිනා ගොස් තිබෙනවා.

1975ත් 2022 අතර කාලයේ M.fentoni ලාට අයත් පොසිල 61ක් සොයාගෙන තිබෙනවා. වර්තමාන කාලීන ආත්‍රපෝඩාවන්ගේ මුතුන්මිත්තන් වන ඔවුන්, අද දැකිය හැකි, මකුළුවන්, කකුළුවන් සහ මිලිපීඩ් විශේෂවලට අතීත නෑකමක් සහිත වනවා.

“නව නිදර්ශකය පෙන්නුම් කරන්නේ මෙකී මුල් කාලීන ආත්‍රපෝඩාවන් ඒ කාලය වනවිටත් පුදුමය දනවන විවිධත්වයකින් යුතු වූ බව සහ ඔවුන් බොහෝ කලකට පසු පහල වන නූතන නෑයන්ට පදනම දමන ආකාරයට අනුවර්තනය වෙමින් සිටි බවයි.” අධ්‍යයනයේ සමකතුවරයෙකු වන රාජකීය ඔන්ටාරියෝ කෞතුකාගාරයේ පාෂාණධාතුවේදී ජිම් බර්නාඩ් කැරන් පවසනවා.

 

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications