Home Science News චීනය සිය පළමු ග්‍රහක සාම්පල මෙහෙයුම සාර්ථක ව දියත් කරයි 

චීනය සිය පළමු ග්‍රහක සාම්පල මෙහෙයුම සාර්ථක ව දියත් කරයි 

by Sathya

චීනය එරට විසින් සිදු කරන ලද බලාපොරොත්තු සහගත ම අභ්‍යවකාශ මෙහෙයුම වූ Tianwen-2 යානය ඉකුත් බදාදා සාර්ථක ලෙස උඩුගුවන් ගත කළා.

චීනය සතු Long March 3B රොකට්ටුවක් ආධාරයෙන් වූ මේ දියත් කිරීම සිදු වූයේ චීනයේ සිචුආන් පළාතේ පිහිටි ශිචැංග් චනද්‍රිකා දියත් කිරීම් මධ්‍යස්ථානයේ (Xichang Satellite Launch Center) සිටයි.

මෙහෙයුම ඔස්සේ පෘථිවි-ආසන්න ග්‍රහකයක් වන 469219 Kamo’oalewa (2016 HO3) ග්‍රහකයේ සාම්පල රැස්කර පෘථිවියට ගෙන ඒමත්, ඉන් අනතුරු ව තවත් ධූමකේතුවක් වෙත ගමන් ආරම්භ කර එහි ආවේක්ෂණ කටයුතු කිරීමත් අපේක්ෂා කෙරෙනවා. මෙය චීනය විසින් සිදු කෙරෙන පළමු ග්‍රහක සාම්පල රැස් කරීම වීම ද විශේෂත්වයක්.

යානය මේ වන විට සිය ප්‍රමුඛ ඉලක්කය වන Kamo’oalewa ග්‍රහකය වෙත ගමනාරම්භ කර ඇති අතර, ලබන වසරේ මැද වන විට එහි ළඟා වීමටත්, 2027 දී සාම්පල රැගෙන මෙහි ළඟා වීමටත් නියමිත ව තිබෙනවා.

සාම්පල පෘථිවියට ගෙන ඒමෙන් පසු එය 311P/PANSTARRS ධූමකේතුව බලා පිටත් වන අතර, 2035 දී එහි ළඟා වීමට සැලසුම් කර තිබෙනවා.

Xinhua ඇසුරෙනි.

සත්‍ය හෙට්ටිආරච්චි 

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications