Home Science News ඌට් වලාවේ විශාලතම ධූමකේතුව ක්‍රියාශීලී බව ප්‍රකට කරයි

ඌට් වලාවේ විශාලතම ධූමකේතුව ක්‍රියාශීලී බව ප්‍රකට කරයි

by Sathya

 

සෞරග්‍රහ මණ්ඩලයට ඔබ්බෙන් පවතින වලාවේ ඇති විශාලතම ධූවකේතුව රසායනික ක්‍රියාකාරකම්වලින් ක්‍රියාශීලී බව තාරකාවිද්‍යාඥයන් සොයාගෙන තිබෙනවා.

විද්‍යාඥයන් මේ නිරීක්ෂණය සිදුකළේ චිලීහි පිහිටි Atacama Large Millimeter/submillimeter Array (ALMA) දුරේක්ෂය භාවිතයෙන්. C/2014 UN271 යනුවෙන් නම් කර ඇති මේ ධූමකේතුව Bernardinelli-Bernstein ලෙස ද හැඳින්වෙන අතර, කිලෝමීටර 137ක විෂ්කම්භයකින් යුතු වනවා. එනම් එය සාමාන්‍යයෙන් දක්නට ලැබෙන ධූමකේතුවක ප්‍රමාණය මෙන් දස ගුණයක ප්‍රමාණයේ සිරුරකට හිමිකම් කියනවා. නවතම නිරීක්ෂණ මඟින් විද්‍යාඥයන් අනාවරණ කරගත්තේ එහි ඇති ක්ෂේපයන් (jets) කාබන් මොනොක්සයිඩ් වායුව වේගයෙන් පිටතට නිකුත් කෙරෙන බවයි.

පෘථිවියත් සූර්යයාත් අතර ඇති දුර ප්‍රමාණය මෙන් 16.6 ගුණයක දුරකින් පිහිටා ඇති මේ ධූමකේතුව, ඌට් වලාවේ උපත ලැබ, මෙතරම් දුරකින් හමු වූ රසායනික වශයෙන් සක්‍රීය දෙවැනි ධූමකේතුවයි.

“නිරීක්ෂණය මඟින් ලබාගත් දත්ත මෙවැනි මිදීගිය දැවැන්ත ලෝක වැඩකරන්නේ කොහොම දැ යි සොයාගන්න උදව් කරනවා.” නිරීක්ෂණය සිදුකළ පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානියා වන NASA ආයතන⁣යේ ගොඩාඩ් අභ්‍යවකාශ පියාසැරි මධ්‍යස්ථානයේ පර්යේෂක නේතන් රොත් (Nathan Roth) සඳහන් කරනවා.

හිරුගේ සිට අතිශය දුරකින් පැවතියත් ALMA දුරේක්ෂය ඔස්සේ එය නිරීක්ෂණය කළ හැකි වීමට ඉන් නිකුත් වන කාබන් මොනොක්සයිඩ් විමෝචනය සහ උෂ්ණත්ව විමෝචන උපකාරී වුණා.

C/2014 UN271 කෙමෙන් සූර්යයා වෙත ළඟා වෙමින් පවතිනවා. එය තව තවත් ළං වන විට කෙමෙන් උණුසුම් වන්නට පටන්ගන්නා අතර, එහි ඇති අයිස්මය කබොලෙන් වැඩි වශයෙන් විමෝචනයන් සිදු වනු දැකගත හැකි වනු ඇති.

Space.com ඇසුරෙනි.

නිම්නා අමරසේකර

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications